අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.1.6. අකුසල සමාපත්ති සුත්තං

5.1.1.6. අකුසල් තුළ බැසගෙන සිටීම ගැන වදාළ දෙසුම

මහණෙනි, යම්තාක් කුසල් දහම් තුළ ශ්‍රද්ධාව පිහිටා තිබෙයි ද, ඒ තාක් අකුසලයන් තුළ බැසගැනීමක් නොවෙයි. මහණෙනි, යම් කලෙක ශ්‍රද්ධාව තමා තුළ නැතිවී යයි ද, ශ්‍රද්ධාව නැති බව ඉස්මතු ව තිබෙයි ද, එකල්හී අකුසලයන් තුළ බැසගැනීම වෙයි.

මහණෙනි, යම්තාක් කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව පිහිටා තිබෙයි ද, ඒ තාක් අකුසලයන් තුළ බැසගැනීමක් නොවෙයි. මහණෙනි, යම් කලෙක කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව තමා තුළ නැතිවී යයි ද, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව නැති බව ඉස්මතු ව තිබෙයි ද, එකල්හී අකුසලයන් තුළ බැස ගැනීම වෙයි.

මහණෙනි, යම්තාක් කුසල් දහම් පිරිහීම ගැන භය පිහිටා තිබෙයි ද, ඒ තාක් අකුසලයන් තුළ බැසගැනීමක් නොවෙයි. මහණෙනි, යම් කලෙක කුසල් දහම් පිරිහීම ගැන භය තමා තුළ නැතිවී යයි ද, කුසල් දහම් පිරිහීම ගැන භය නැති බව ඉස්මතු ව තිබෙයි ද, එකල්හී අකුසලයන් තුළ බැසගැනීම වෙයි.

මහණෙනි, යම්තාක් කුසල් දහම් තුළ වීර්යය පිහිටා තිබෙයි ද, ඒ තාක් අකුසලයන් තුළ බැසගැනීමක් නොවෙයි. මහණෙනි, යම් කලෙක වීර්යය තමා තුළ නැතිවී යයි ද, වීර්යය නැති බව ඉස්මතු ව තිබෙයි ද, එකල්හී අකුසලයන් තුළ බැසගැනීම වෙයි.

මහණෙනි, යම්තාක් කුසල් දහම් තුළ ප්‍රඥාව පිහිටා තිබෙයි ද, ඒ තාක් අකුසලයන් තුළ බැසගැනීමක් නොවෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රඥාව තමා තුළ නැතිවී යයි ද, ප්‍රඥාව නැති බව ඉස්මතු ව තිබෙයි ද, එකල්හී අකුසලයන් තුළ බැසගැනීම වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අකුසල සමාපත්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M