අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.1.1. සේඛබල සංඛිත්ත සුත්තං

5.1.1.1. සංක්ෂේපයෙන් සේඛ බල ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, දහමෙහි හික්මෙන්නහුගේ මේ සේඛ බලයෝ පසකි. ඒ කවර පසක් ද යත්; ශ්‍රද්ධා බලය ය, හිරි බලය ය, ඔත්තප්ප බලය ය, විරිය බලය ය, ප්‍රඥා බලය ය යනුවෙනි. මහණෙනි, මේ වනාහී පසක් වූ සේඛ බලයෝ ය.

එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘ශ්‍රද්ධා බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. හිරි බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. ඔත්තප්ප බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. විරිය බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. ප්‍රඥා බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු’ යි. මහණෙනි, ඔබ ඔය අයුරින් ම හික්මිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සේඛ බල සංඛිත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M