අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.5. ථූපාරහ සුත්තං

4.5.5.5. ස්ථූප කොට වැඳීමට සුදුසු පුද්ගලයන් ගැන වදාළ දෙසුම

මහණෙනි, ස්ථූප කොට වැඳීමට සුදුසු පුද්ගලයෝ මේ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝ ස්ථූප කොට වැඳීමට සුදුසුයහ. පසේබුදුරජාණෝ ස්ථූප කොට වැඳීමට සුදුසුයහ. තථාගත ශ්‍රවකයන් වහන්සේ ස්ථූප කොට වැඳීමට සුදුසුයහ. සක්විති රජහු ස්ථූප කොට වැඳීමට සුදුසුයහ.

මහණෙනි, මේ සතර දෙනා ස්ථූප කොට වැඳීමට සුදුසු පුද්ගලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

ථූපාරහ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M