☰
මහණෙනි, සත්පුරුෂයා නිසා අනුසස් සතරක් කැමති විය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත් ;
ආර්ය වූ සීලයෙන් දියුණු වෙයි. ආර්ය වූ සමාධියෙන් දියුණු වෙයි. ආර්ය වූ ප්රඥාවෙන් දියුණු වෙයි. ආර්ය වූ විමුක්තියෙන් දියුණු වෙයි.
මහණෙනි, සත්පුරුෂයා නිසා මේ අනුසස් සතර කැමති විය යුත්තේය.
සාදු! සාදු!! සාදු!!!
සප්පුරිසානිසංස සූත්රය නිමා විය.
සිව්වෙනි කම්ම වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
කම්ම සූත්ර හත ය, සාවජ්ජ අනවජ්ජ කම්ම සූත්රය, සබ්යාපජ්ජ අබ්යාපජ්ජ කම්ම සූත්රය, සමණ සූත්රය සහ සප්පුරිසානිසංස සූත්රය වශයෙන් මෙහි සූත්ර එකොළොසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M