එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළහ.
1. “ආයුෂ්මතුනි, උපසම්පදාවෙන් අඩමසක් ඇති මා විසින් වචන ප්‍රකාශ කිරීමේ ප්‍රමාණ වශයෙන් අර්ථ පටිසම්භිදාව සාක්ෂාත් කරන ලද්දේ ය. මම් එය නොයෙක් ආකාරයෙන් පවසමි. දේශනා කරමි. පණවමි. පිහිටුවමි. හෙළි කොට කියමි. බෙදා දක්වමින් කියමි. ඉස්මතු කොට කියමි. යමෙකු හට මේ පිළිබඳ ව සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් හේ මාගෙන් ප්‍රශ්න කෙරේවා! මම පිළිතුරු දෙන්නෙමි. අපගේ ධර්මයන් පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වූ යමෙක්හු වෙත් ද, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ ද මුණගැසී ඇත්තේ ය.
2. ආයුෂ්මතුනි, උපසම්පදාවෙන් අඩමසක් ඇති මා විසින් වචන ප්‍රකාශ කිරීමේ ප්‍රමාණ වශයෙන් ධර්ම පටිසම්භිදාව සාක්ෂාත් කරන ලද්දේ ය. මම් එය නොයෙක් ආකාරයෙන් පවසමි. දේශනා කරමි. පණවමි. පිහිටුවමි. හෙළි කොට කියමි. බෙදා දක්වමින් කියමි. ඉස්මතු කොට කියමි. යමෙකු හට මේ පිළිබඳ ව සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් හේ මාගෙන් ප්‍රශ්න කෙරේවා! මම පිළිතුරු දෙන්නෙමි. අපගේ ධර්මයන් පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වූ යමෙක්හු වෙත් ද, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ ද මුණගැසී ඇත්තේ ය.
3. ආයුෂ්මතුනි, උපසම්පදාවෙන් අඩමසක් ඇති මා විසින් වචන ප්‍රකාශ කිරීමේ ප්‍රමාණ වශයෙන් නිරුක්ති පටිසම්භිදාව සාක්ෂාත් කරන ලද්දේ ය. මම් එය නොයෙක් ආකාරයෙන් පවසමි. දේශනා කරමි. පණවමි. පිහිටුවමි. හෙළි කොට කියමි. බෙදා දක්වමින් කියමි. ඉස්මතු කොට කියමි. යමෙකු හට මේ පිළිබඳ ව සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් හේ මාගෙන් ප්‍රශ්න කෙරේවා! මම පිළිතුරු දෙන්නෙමි. අපගේ ධර්මයන් පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වූ යමෙක්හු වෙත් ද, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ ද මුණගැසී ඇත්තේ ය.
4. ආයුෂ්මතුනි, උපසම්පදාවෙන් අඩමසක් ඇති මා විසින් වචන ප්‍රකාශ කිරීමේ ප්‍රමාණ වශයෙන් ප්‍රතිභාන පටිසම්භිදාව සාක්ෂාත් කරන ලද්දේ ය. මම් එය නොයෙක් ආකාරයෙන් පවසමි. දේශනා කරමි. පණවමි. පිහිටුවමි. හෙළි කොට කියමි. බෙදා දක්වමින් කියමි. ඉස්මතු කොට කියමි. යමෙකු හට මේ පිළිබඳ ව සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් හේ මාගෙන් ප්‍රශ්න කෙරේවා! මම පිළිතුරු දෙන්නෙමි. අපගේ ධර්මයන් පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වූ යමෙක්හු වෙත් ද, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ ද මුණගැසී ඇත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්ත පටිසම්භිදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M