එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්ද සෑයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ සතරක් වූ මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, සතර මහා අපදේශය යනු මොනවා ද?
1. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයක් නොවෙයි. මේ භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.
මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම පළමු මහාපදේශය ධරාගනිව්.
2. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, අසවල් ආවාසයෙහි ස්ථවිරයන් වහන්සේලා සහිත ප්‍රමුඛයන් වහන්සේලා සහිත සංඝයා වහන්සේ වැඩවෙසෙති. මෙකරුණ මා විසින් සංඝයා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයක් නොවෙයි. ඒ සංඝයා විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.
මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, අසවල් ආවාසයෙහි ස්ථවිරයන් වහන්සේලා සහිත ප්‍රමුඛයන් වහන්සේලා සහිත සංඝයා වහන්සේ වැඩවෙසෙති. මෙකරුණ මා විසින් සංඝයා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයකි. ඒ සංඝයා විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම දෙවෙනි මහාපදේශය ධරාගනිව්.
3. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු වැඩවෙසෙති. මෙකරුණ මා විසින් තෙරුන් වහන්සේලා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයක් නොවෙයි. ඒ ස්ථවිර භික්ෂූන් විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.
මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු වැඩවෙසෙති. මෙකරුණ මා විසින් තෙරුන් වහන්සේලා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයකි. ඒ ස්ථවිර භික්ෂූන් විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම තෙවෙනි මහාපදේශය ධරාගනිව්.
4. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක් වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයක් නොවෙයි. ඒ ස්ථවිර භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.
මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියන්නේ වෙයි. ‘ආයුෂ්මත්නි, අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක් වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ වචනයකි. ඒ ස්ථවිර භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම සිව්වෙනි මහාපදේශය ධරාගනිව්.
මහණෙනි, මේ වනාහී සතරක් වූ මහාපදේශයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
මහාපදේසදේසනා සූත්‍රය නිමා විය.
තුන්වෙනි සංචේතනීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
චේතනා සූත්‍රය, පටිසම්භිදා සූත්‍රය, කොට්ඨිත සූත්‍රය, ආනන්ද සූත්‍රය, උපවාන සූත්‍රය, ආයාචන සූත්‍රය, රාහුල සූත්‍රය, චේතෝවිමුක්ති සූත්‍රය, නිබ්බාන සූත්‍රය සහ මහාපදේස සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M