අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.2.1. පටිපදා සුත්තං

4.4.2.1. ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය.

මහණෙනි, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය.

සාදු! සාදු!! සාදු!!!

පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M