අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.2.8. සංවේජනීය සුත්තං

4.3.2.8. සංවේගයට පත්විය යුතු කරුණු ගැන වදාළ දෙසුම

මහණෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකබලා ගත යුතු, සංවේගයට පත් විය යුතු තැන් සතරකි. ඒ කවර සතරක් ද යත්;

1. මහණෙනි, මෙතැන තථාගතයන් වහන්සේ මනුලොව උපන් සේකැ යි සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක බලා ගත යුතු, සංවේගයට පත් විය යුතු තැනක් ඇත.

2. මහණෙනි, මෙතැන තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේකැ යි සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක බලා ගත යුතු, සංවේගයට පත් විය යුතු තැනක් ඇත.

3. මහණෙනි, මෙතැන තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ සේකැ යි සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක බලා ගත යුතු, සංවේගයට පත් විය යුතු තැනක් ඇත.

4. මහණෙනි, මෙතැන තථාගතයන් වහන්සේ අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේකැ යි සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක බලා ගත යුතු, සංවේගයට පත් විය යුතු තැනක් ඇත.

මහණෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකබලා ගත යුතු, සංවේගයට පත් විය යුතු තැන් සතර යි.

සාදු! සාදු!! සාදු!!!

සංවේජනීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M