අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.3.10. කාම්බෝජ සුත්තං

4.2.3.10. පිටරට යාම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, යම් ස්ත්‍රියක් විනිශ්චය සභාවෙහි නොහිඳියි ද, කර්මාන්ත නොකරයි ද, පිටරට නොයයි ද එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?”

“ආනන්දය, ස්ත්‍රිය ක්‍රෝධ කරන සුළු ය. ආනන්දය, ස්ත්‍රිය ඊර්ෂ්‍යා කරන්නී ය. ආනන්දය, ස්ත්‍රිය මසුරුකමින් යුක්ත ය. ආනන්දය, ස්ත්‍රිය නුවණ නැත්තී ය.

ආනන්දය, යම් ස්ත්‍රියක් විනිශ්චය සභාවෙහි නොහිඳියි ද, කර්මාන්ත නොකරයි ද, පිටරට නොයයි ද එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.”

සාදු! සාදු!! සාදු!!!

කාම්බෝජ සූත්‍රය නිමා විය.

තෙවෙනි අපණ්ණක වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පධාන සූත්‍රය, අපණ්ණක සූත්‍ර දෙක, අසප්පුරිස වධුකා සූත්‍රය, අග්ග සූත්‍ර දෙක, කුසිනාරා සූත්‍රය, අචින්තෙය්‍ය සූත්‍රය, දක්ඛිණා සූත්‍රය, වණිජ්ජා සූත්‍රය සහ කාම්භෝජ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M