අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.1.1. පඨම පුඤ්ඤාභිසන්ද සුත්තං

4.2.1.1. පුණ්‍ය ප්‍රවාහය ගැන වදාළ පළමු දෙසුම

සාවත්ථිනිදානං.

සැවැත් නුවර දී ය…….

චත්තාරෝමේ, භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමේ චත්තාරෝ?

මහණෙනි, මේ පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය. ඒ සතර මොනවාද?

යස්ස භික්ඛවේ, භික්ඛු චීවරං පරිභුඤ්ජමානෝ අප්පමාණං චේතෝසමාධිං උපසම්පජ්ජ විහරති. අප්පමාණෝ තස්ස පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

1. මහණෙනි, යම් දායකයෙකුගේ සිවුරක් පරිහරණය කරන භික්ෂුව ගුණයෙන් අප්‍රමාණ වූ අරහත්ඵල සමාධියට සමවැදී වාසය කරයි ද, දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල ප්‍රවාහයක් ගලා එයි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

“යස්ස භික්ඛවේ, භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානෝ අප්පමාණං චේතෝසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණෝ තස්ස පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

2. මහණෙනි, යම් දායකයෙකුගේ දානයක් පරිහරණය කරන භික්ෂුව ගුණයෙන් අප්‍රමාණ වූ අරහත්ඵල සමාධියට සමවැදී වාසය කරයි ද, දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල ප්‍රවාහයක් ගලා එයි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

“යස්ස භික්ඛවේ, භික්ඛු සේනාසනං පරිභුඤ්ජමානෝ අප්පමාණං චේතෝසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණෝ තස්ස පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

3. මහණෙනි, යම් දායකයෙකුගේ කුටි සෙනසුනක් පරිහරණය කරන භික්ෂුව ගුණයෙන් අප්‍රමාණ වූ අරහත්ඵල සමාධියට සමවැදී වාසය කරයි ද, දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල ප්‍රවාහයක් ගලා එයි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

“යස්ස භික්ඛවේ, භික්ඛු ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජමානෝ අප්පමාණං චේතෝසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණෝ තස්ස පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

4. මහණෙනි, යම් දායකයෙකුගේ ගිලන්පස බෙහෙත් පිරිකරක් පරිහරණය කරන භික්ෂුව ගුණයෙන් අප්‍රමාණ වූ අරහත්ඵල සමාධියට සමවැදී වාසය කරයි ද, දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල ප්‍රවාහයක් ගලා එයි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

ඉමේ ඛෝ භික්ඛවේ, චත්තාරෝ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.

මහණෙනි, මේ වනාහී පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරයි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය.

“ඉමේහි ච පන, භික්ඛවේ, චතූහි පුඤ්ඤාභිසන්දේහි කුසලාභිසන්දේහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහේතුං ‘එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී’ති. අථ ඛෝ අසංඛෙය්‍යෝ අප්පමෙය්‍යෝ මහාපුඤ්ඤක්ඛන්ධොත්වේව සංඛං ගච්ඡති.

මහණෙනි, මේ පුණ්‍ය ප්‍රවාහයන්, කුසල ප්‍රවාහයන් සතරින් යුතු ආර්ය ශ්‍රාවකයාගේ පිනෙහි ප්‍රමාණයක් ගන්නට පහසු නැත. සුගති සැප ලබා දෙන, සැප විපාක සළසන, සුගතිය පිණිස පවතින, සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින පුණ්‍ය ප්‍රවාහය, කුසල ප්‍රවාහය මෙපමණෙකි යි කියා කිව නොහැකි ය. වැලිදු අසංඛෙය්ය වූ අප්‍රමාණ වූ මහා පුණ්‍යස්කන්ධයක් ය යන සංඛ්‍යාවට යන්නේ ය.

“සෙය්‍යථාපි භික්ඛවේ, මහාසමුද්දේ න සුකරං උදකස්ස පමාණං ගහේතුං – ‘එත්තකානි උදකාළ්හකානීති වා, එත්තකානි උදකාළ්හකසතානීති වා, එත්තකානි උදකාළ්හකසහස්සානීති වා, එත්තකානි උදකාළ්හකසතසහස්සානීති වා’. අථ ඛෝ අසංඛෙය්‍යෝ අප්පමෙය්‍යෝ මහාඋදකක්ඛන්ධොත්වේව සංඛං ගච්ඡති. ඒවමේව ඛෝ, භික්ඛවේ, ඉමේහි චතූහි පුඤ්ඤාභිසන්දේහි කුසලාභිසන්දේහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහේතුං, ‘එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී’ති. අථ ඛෝ අසංඛෙය්‍යෝ අප්පමෙය්‍යෝ මහාපුඤ්ඤක්ඛන්ධොත්වේව සංඛං ගච්ඡතී”ති.

මහණෙනි, එය මෙබඳු දෙයකි. මහා සමුද්‍රයෙහි ඇති ජලය ප්‍රමාණයකට ගැනීම ඉතා අපහසු ය. එහි මෙතෙක් දිය බඳුන් සිය ගණනකි. මෙතෙක් දිය බඳුන් දහස් ගණනකි. මෙතෙක් දිය බඳුන් සිය දහස් ගණනකි වශයෙන් ගිණිය නොහැක්කේ ය. වැලිදු අසංඛෙය්ය වූ අප්‍රමාණ වූ මහා ජලස්කන්ධයක් යන සංඛ්‍යාවට වැටෙයි. එසෙයින් ම මහණෙනි, මේ පුණ්‍ය ප්‍රවාහයන්, කුසල ප්‍රවාහයන් සතරින් යුතු ආර්ය ශ්‍රාවකයාගේ පිනෙහි ප්‍රමාණයක් ගන්නට පහසු නැත. සුගති සැප ලබා දෙන, සැප විපාක සළසන, සුගතිය පිණිස පවතින, සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින පුණ්‍ය ප්‍රවාහය, කුසල ප්‍රවාහය මෙපමණෙකි යි කියා කිව නොහැකි ය. වැලිදු අසංඛෙය්ය වූ අප්‍රමාණ වූ මහා පුණ්‍යස්කන්ධයක් ය යන සංඛ්‍යාවට යන්නේ ය.

“මහෝදධිං අපරිමිතං මහාසරං, බහුභේරවං රතනගණානමාලයං
නජ්ජෝ යථා නරගණසංඝසේවිතා පුථූ සවන්ති උපයන්ති සාගරං.

අප්‍රමාණ වූ, මහා කඳක් වැනි වූ, බොහෝ භයභේරව ඇති නොයෙක් රන් රුවන්වලට ආකර වූ මහා සාගරයට මිනිස් සමූහයා විසින් සේවනය කරනු ලබන බොහෝ ගංගාවෝ වැද ගනිති.

“ඒවං නරං අන්නදපානවත්ථදං සෙය්‍යානිසජ්ජත්ථරණස්ස දායකං;
පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං, නජ්ජෝ යථා වාරිවහාව සාගර”න්ති.

මෙසෙයින් ආහාරපාන, වස්ත්‍ර, සයනාසන, පුටු, ඇතිරිලි ආදිය පූජා කරන්නා වූ නුවණැති මිනිසා කරා පුණ්‍යධාරාවෝ වැද ගනිති. ගංගාවන් සයුරට වදිනාක් ලෙසිනි.

පඨම පුඤ්ඤාභිසන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M