අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.2.9. අගතිනාගති සුත්තං

4.1.2.9. අගතියට යාමත්, නොයාමත් ගැන වදාළ දෙසුම

“චත්තාරිමානි, භික්ඛවේ, අගතිගමනානි. කතමානි චත්තාරි?

මහණෙනි, අගතියට යන මේ කරුණු සතරකි. ඒ කවර සතරක් ද යත්;

ඡන්දාගතිං ගච්ඡති, දෝසාගතිං ගච්ඡති, මෝහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.

කැමැත්ත හේතුවෙන් අගතියට යයි. ද්වේෂය හේතුවෙන් අගතියට යයි. මුලාව හේතුවෙන් අගතියට යයි. භය හේතුවෙන් අගතියට යයි.

ඉමානි ඛෝ, භික්ඛවේ, චත්තාරි අගතිගමනානීති.

මහණෙනි, මේ වනාහී සතරක් වූ අගතියට යෑම් ය.

“චත්තාරිමානි, භික්ඛවේ, නාගතිගමනානි. කතමානි චත්තාරි?

මහණෙනි, අගතියට නොයන මේ කරුණු සතරකි. ඒ කවර සතරක් ද යත්;

න ඡන්දාගතිං ගච්ඡති, න දෝසාගතිං ගච්ඡති, න මෝහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති.

කැමැත්ත හේතුවෙන් අගතියට නොයයි. ද්වේෂය හේතුවෙන් අගතියට නොයයි. මුලාව හේතුවෙන් අගතියට නොයයි. භය හේතුවෙන් අගතියට නොයයි.

ඉමානි ඛෝ, භික්ඛවේ, චත්තාරි නාගතිගමනානී”ති.

මහණෙනි, මේ වනාහී සතරක් වූ අගතියට නොයෑම් ය.

“ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං අතිවත්තති;
නිහීයති තස්ස යසෝ, කාළපක්ඛේව චන්දිමා’ති.

යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා යයි ද, කළුවර පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පිරිහී යයි.

“ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං නාතිවත්තති;
ආපූරති තස්ස යසෝ, සුක්කපක්ඛේව චන්දිමා”ති.

යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා නොයයි ද, මෝරන පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පැතිරී යයි.

අගතිනාගති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M