අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.1.5.

රුණ්ණමිදං භික්ඛවේ, අරියස්ස විනයේ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවේ, අරියස්ස විනයේ යදිදං නච්චං. කෝමාරකමිදං භික්ඛවේ, අරියස්ස විනයේ යදිදං අතිවේලං දන්තවිදංසකං හසිතං.

පින්වත් මහණෙනි, යම් මේ ගී ගැයීමක් ඇද්ද, ආර්ය විනයෙහි මෙයට කියන්නේ හැඬීම කියලයි. පින්වත් මහණෙනි, යම් මේ නැටීමක් ඇද්ද, ආර්ය විනයෙහි මෙයට කියන්නේ උමතු ක්‍රියාවක් කියලයි. පින්වත් මහණෙනි, යම් මේ දත් විදහා, කොක් හඬලමින් බොහෝ වේලා නගන සිනහවක් ඇද්ද, ආර්ය විනයෙහි මෙයට කියන්නේ ළදරුකම කියලයි.

තස්මාතිහ භික්ඛවේ, සේතුඝාතෝ ගීතේ. සේතුඝාතෝ නච්චේ. අලං වෝ ධම්ම පමෝදිතානං සතං සිතං සිතමත්තායාති.

අන්න ඒ නිසා පින්වත් මහණෙනි, ගීතයෙහිලා ඔබේ සම්බන්ධය නැතිවේවා! නැටීමෙහිලා ඔබේ සම්බන්ධය නැතිවේවා! ඔබට ධර්මය තුළින් වන ප්‍රමුදිතභාවයෙන් යම් සතුටු සිනහවක් ඇතිවෙනවා නම්, එයද දසන් මාත්‍රයක් දක්වමින් ඇතිවන සිනහවක් වීම මැනැවි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M