අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.1.10.

තීණිමානි භික්ඛවේ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? අතීතේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති. අනාගතේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති. පච්චුප්පන්නේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති.

පින්වත් මහණෙනි, කර්මයන්ගේ හටගැනීම පිණිස හේතුවෙන කාරණා තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙනවා. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙනවා. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයේ හටගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙනවා.

කථඤ්ච භික්ඛවේ, අතීතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති? අතීතේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ චේතසා අනුවිතක්කේති අනුවිචාරේති. තස්ස අතීතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ චේතසා අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ ඡන්දෝ ජායති. ඡන්දජාතෝ තේහි ධම්මේහි සඤ්ඤුත්තෝ හෝති. ඒතමහං භික්ඛවේ, සඤ්ඤෝජනං වදාමි යෝ චේතසෝ සාරාගෝ. ඒවං ඛෝ භික්ඛවේ, අතීතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති.

පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන සිතෙන් කල්පනා කරයි. නැවත නැවතත් මෙනෙහි කරයි. ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන සිතෙන් කල්පනා කරකර නැවත නැවතත් මෙනෙහි කරකර සිටින්නා වූ ඔහු තුළ කැමැත්ත ඇතිවෙනවා. කැමැත්ත ඇති වූ විට ඒ කරුණු සමඟ එක්වෙලා ඉන්නවා. පින්වත් මහණෙනි, සිතෙහි ඇතිවන යම් සරාගී බවක් ඇද්ද, මා මේ සරාගී බව සංයෝජනයක් කියලයි කියන්නේ. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇති වීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ, අනාගතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති? අනාගතේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානියේ ධම්මේ ආරබ්භ චේතසා අනුවිතක්කේති අනුවිචාරේති. තස්ස අනාගතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ චේතසා අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ ඡන්දෝ ජායති. ඡන්දජාතෝ තේහි ධම්මේහි සඤ්ඤුත්තෝ හෝති. ඒතමහං භික්ඛවේ, සංයෝජනං වදාමි යෝ චේතසෝ සාරාගෝ. ඒවං ඛෝ භික්ඛවේ, අනාගතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති.

පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන සිතෙන් කල්පනා කරයි. නැවත නැවතත් මෙනෙහි කරයි. ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන සිතෙන් කල්පනා කරකර නැවත නැවතත් මෙනෙහි කරකර සිටින්නා වූ ඔහු තුළ කැමැත්ත ඇතිවෙනවා. කැමැත්ත ඇති වූ විට ඒ කරුණු සමඟ එක්වෙලා ඉන්නවා. පින්වත් මහණෙනි, සිතෙහි ඇතිවන යම් සරාගී බවක් ඇද්ද, මා මේ සරාගී බව සංයෝජනයක් කියලයි කියන්නේ. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ, පච්චුප්පන්නේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති? පච්චුප්පන්නේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ චේතසා අනුවිතක්කේති අනුවිචාරේති. තස්ස පච්චුප්පන්නේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ චේතසා අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ ඡන්දෝ ජායති. ඡන්දජාතෝ තේහි ධම්මේහි සඤ්ඤුත්තෝ හෝති. ඒතමහං භික්ඛවේ, සංයෝජනං වදාමි යෝ චේතසෝ සාරාගෝ. ඒවං ඛෝ භික්ඛවේ, පච්චුප්පන්නේ ඡන්දරාගට්ඨානියේ ධම්මේ ආරබ්භ ඡන්දෝ ජායති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි නිදානානි කම්මානං සමුදයායාති.

පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයෙහි හටගෙන තිබෙන කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයෙහි හටගෙන තිබෙන කරුණු මුල්කොට ගෙන සිතෙන් කල්පනා කරයි. නැවත නැවතත් මෙනෙහි කරයි. ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයෙහි හටගෙන තිබෙන කරුණු මුල්කොට ගෙන සිතෙන් කල්පනා කරකර නැවත නැවතත් මෙනෙහි කරකර සිටින්නා වූ ඔහු තුළ කැමැත්ත ඇතිවෙනවා. කැමැත්ත ඇති වූ විට ඒ කරුණු සමඟ එක්වෙලා ඉන්නවා. පින්වත් මහණෙනි, සිතෙහි ඇතිවන යම් සරාගී බවක් ඇද්ද, මා මේ සරාගී බව සංයෝජනයක් කියලයි කියන්නේ. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයෙහි හටගෙන තිබෙන කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ ඔය විදිහටයි. පින්වත් මහණෙනි, මේ තමයි කර්මයන්ගේ හටගැනීමට හේතුවන කාරණා තුන.

තීණිමානි භික්ඛවේ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? අතීතේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති. අනාගතේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති. පච්චුප්පන්නේ භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති.

පින්වත් මහණෙනි, කර්මයන්ගේ හටගැනීම පිණිස හේතුවෙන කාරණා තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයේ හටගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇතිවෙන්නේ.

කථඤ්ච භික්ඛවේ, අතීතේ ඡන්දරාගට්ඨානියේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති? අතීතානං භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයානං ධම්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්වා තදභිනිවජ්ජේති. තදභිනිවජ්ජෙත්වා චේතසා අභිවිරාජෙත්වා පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති. ඒවං ඛෝ භික්ඛවේ, අතීතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති.

පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇති නොවෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අතීතයට ගිය කරුණු හේතු කොට මතුවට ඇතිවන්නා වූ විපාක ගැන අවබෝධයක් තියෙනවා. මතුවට ඇතිවන විපාක ගැන තේරුම් ගෙන ඒ කරුණු සිතෙහි ඇතිවීම වළක්වනවා. ඒ කරුණු වළක්වලා සිතෙන් බැහැර කරලා ඒ ගැන ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයට තමයි අතීතය ගැන ඡන්දරාගය ඇතිවීමට හේතුවන දේවල් අරභයා කැමැත්තක් නූපදින්නේ.

කථඤ්ච භික්ඛවේ, අනාගතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති? අනාගතානං භික්ඛවේ, ඡන්දරාගට්ඨානීයානං ධම්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්වා තදභිනිවජ්ජේති. තදභිනිවජ්ජෙත්වා චේතසා අභිවිරාජෙත්වා පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති. ඒවං ඛෝ භික්ඛවේ, අනාගතේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති.

පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇති නොවෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ අනාගතයේ හටනොගත් කරුණු හේතු කොට මතුවට ඇතිවන්නා වූ විපාක ගැන අවබෝධයක් තියෙනවා. මතුවට ඇතිවන විපාක ගැන තේරුම් ගෙන ඒ කරුණු සිතෙහි ඇතිවීම වළක්වනවා. ඒ කරුණු වළක්වලා සිතෙන් බැහැර කරලා ඒ ගැන ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයට තමයි අනාගතයේ හටනොගත් ඡන්දරාගය ඇතිවීමට හේතුවන දේවල් අරභයා කැමැත්තක් නූපදින්නේ.

කථඤ්ච භික්ඛවේ, පච්චුප්පන්නේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති? පච්චුප්පන්නානං භික්ඛවේ, ඡන්දරාගට්ඨානියානං ධම්මානං ආයතිං විපාකං පජානාති, ආයතිං විපාකං විදිත්වා තදභිනිවජ්ජේති. තදභිනිවජ්ජෙත්වා චේතසා අභිවිරාජෙත්වා පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති. ඒවං ඛෝ භික්ඛවේ, පච්චුප්පන්නේ ඡන්දරාගට්ඨානීයේ ධම්මේ ආරබ්භ ඡන්දෝ න ජායති.

ඉමානි ඛෝ භික්ඛවේ, තීණි නිදානානි කම්මානං සමුදයායාති.

පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයේ හටගත් කරුණු මුල්කොට ගෙන කැමැත්ත ඇති නොවෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හේතු වූ වර්තමානයේ හටගත් කරුණු හේතු කොට මතුවට ඇතිවන්නා වූ විපාක ගැන අවබෝධයක් තියෙනවා. මතුවට ඇතිවන විපාක ගැන තේරුම් ගෙන ඒ කරුණු සිතෙහි ඇතිවීම වළක්වනවා. ඒ කරුණු වළක්වලා සිතෙන් බැහැර කරලා ඒ ගැන ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයට තමයි වර්තමානයේ හටගත් ඡන්දරාගය ඇතිවීමට හේතුවන දේවල් අරභයා කැමැත්තක් නූපදින්නේ. පින්වත් මහණෙනි, මේ තමයි කර්මයන්ගේ හටගැනීමට හේතුවන කාරණා තුන.

සම්බෝධිවග්ගෝ පඨමෝ.

පළමුවෙනි සම්බෝධි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M