☰
39. පින්වත් මහණෙනි, මේ ශික්ෂාවන් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාවයි.
පින්වත් මහණෙනි, අධිශීල ශික්ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව සිල්වත් වෙනවා. ….(පෙ)…. ශික්ෂාපදවල සමාදන් වෙලා හික්මෙනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අධිශීල ශික්ෂාව කියල කියන්නේ.
පින්වත් මහණෙනි, අධිචිත්ත ශික්ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අධිචිත්ත ශික්ෂාව කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, අධිප්‍රඥා ශික්ෂාව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘මෙය තමයි දුක’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. ….(පෙ)…. ‘මෙය තමයි දුක නැති කිරීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. පින්වත් මහණෙනි, මේකට තමයි අධිප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, මේ තමයි ශික්ෂාවන් තුන.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M