අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.4.1.

31. සැවැත් නුවරදී…..

පින්වත් මහණෙනි, ශ්‍රමණයෙකුට ශ්‍රමණයෙකු බවට පත් කරවීමට මේ කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අධිශීල ශික්ෂාවේ සමාදන් වීම, අධිචිත්ත ශික්ෂාවේ සමාදන් වීම හා අධිප්‍රඥා ශික්ෂාවේ සමාදන් වීමයි. පින්වත් මහණෙනි, මේ තමයි ශ්‍රමණයෙකුට ශ්‍රමණයෙකු බවට පත්කරවීමට හේතු වන කරුණු තුන. ඒ නිසා පින්වත් මහණෙනි, මේ විදිහට හික්මිය යුතුයි. ‘අධිශීල ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිචිත්ත ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි. අධිප්‍රඥා ශික්ෂා සමාදන් වීම ගැන අප තුළ ඉතා දැඩි වූ කැමැත්තක් ඇතිවෙනවාමයි’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මේ ආකාරයටයි හික්මිය යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M