අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.2.10.

20. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති, පුබ්බාරාමේ මිගාරමාතුපාසාදේ. අථ ඛෝ විසාඛා මිගාරමාතා තදහුපෝසථේ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ විසාඛං මිගාරමාතරං භගවා ඒතදවෝච:

20. මා විසින් අසන ලද්දේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතා ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එදා මිගාරමාතාව නම් වූ විශාඛා මහෝපාසිකාව ඒ පොහොය දවසේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන මිගාරමාතා නම් වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.

හන්ද කුතෝ නු ත්වං විසාඛේ ආගච්ඡසි දිවා දිවස්සාති? උපෝසථාහං භන්තේ අජ්ජ උපවසාමීති.

“පින්වත් විශාඛා, මේ දහවල් කාලයේ ඔබ කොහේ සිට එන ගමන්ද?”

“ස්වාමීනී, අද මම පෙහෙවස් සමාදන්ව ඒ අනුව හික්මෙනවා.”

තයෝ ඛෝ මේ විසාඛේ උපෝසථා, කතමේ තයෝ? ගෝපාලකුපෝසථෝ, නිගණ්ඨුපෝසථෝ, අරියුපෝසථෝ. කථඤ්ච විසාඛේ ගෝපාලකුපෝසථෝ හෝති: සෙය්‍යථාපි විසාඛේ ගෝපාලකෝ සායන්හසමයේ සාමිකානං ගාවෝ නීයාතෙත්වා ඉති පටිසඤ්චික්ඛති: අජ්ජ ඛෝ ගාවෝ අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදේසේ චරිංසු, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදේසේ පානීයානි අපංසු, ස්වේ දානි ගාවෝ අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදේසේ චරිස්සන්ති, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදේසේ පානීයානි පිවිස්සන්තීති. ඒවමේවං ඛෝ විසාඛේ ඉධේකච්චෝ උපෝසථිකෝ ඉති පටිසඤ්චික්ඛති: අහං ඛ්වජ්ජ ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිං. ඉදඤ්චිදඤ්ච භෝජනීයං භුඤ්ජිං. ස්වේ දානාහං ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිස්සාමි. ඉදං චිදඤ්ච භෝජනීයං භුඤ්ජිස්සාමීති. සෝ තේන ලෝභේන අභිජ්ඣාසහගතේන චේතසා දිවසං අතිනාමේති. ඒවං ඛෝ විසාඛේ ගෝපාලකුපෝසථෝ හෝති. ඒවං උපවුත්ථෝ ඛෝ විසාඛේ ගෝපාලකුපෝසථෝ න මහප්ඵලෝ හෝති න මහානිසංසෝ න මහාජුතිකෝ න මහාවිප්ඵාරෝ.

“පින්වත් විශාඛා, මේ පෙහෙවස් සමාදන් වීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? ගෝපාලක උපෝසථය, නිගණ්ඨ උපෝසථය හා ආර්ය උපෝසථයයි.

පින්වත් විශාඛා, ගෝපාලක උපෝසථය කොයි වගේ එකක්ද? පින්වත් විශාඛා, ඒක මෙන්න මේ වගේ දෙයක්. ගොපල්ලා හවසට ගවයෝ ටික අයිතිකාරයා ළඟට දක්කාගෙන ගියාට පස්සේ මේ විදිහට කල්පනා කරනවා. ‘අද මේ ගවයෝ අසවල් අසවල් ප්‍රදේශවල සැරිසැරුවා (තණ උලා කෑවා). අසවල් අසවල් ප්‍රදේශවලින් වතුර බිව්වා. දැන් හෙට මේ ගවයින් අසවල් අසවල් ප්‍රදේශවල (තණ උලා කෑමට) සැරිසරනවා. අසවල් අසවල් ප්‍රදේශවල වතුර බොනවා.’ කියලා. අන්න ඒ වගේ තමයි පින්වත් විශාඛා, මෙහි පෙහෙවස් සමාදන්වන ඇතැම් කෙනෙක් මේ විදිහට කල්පනා කරනවා. ‘මම අද මේ මේ කෑම ජාති කෑවා. මේ මේ භෝජන අනුභව කළා. හෙට දවසේ මම මේ මේ කෑම ජාති කනවා. මේ මේ භෝජන අනුභව කරනවා’ කියලා. ඉතින් ඔහු ඒ ලෝභ සහගත දැඩි ලෝභී වූ සිතින් දවස ගෙවා දමනවා. පින්වත් විශාඛා, ගෝපාලක උපෝසථය වන්නේ ඔය විදිහටයි. පින්වත් විශාඛා, මේ විදිහට ගත කරන ලද ගෝපාලක උපෝසථය මහත්ඵල නෑ. මහානිසංස නෑ. මහ බැබලීම් නෑ. මහා පිනක් නෑ.

කථඤ්ච විසාඛේ නිගණ්ඨුපෝසථෝ හෝති? අත්ථි විසාඛේ නිගණ්ඨා නාම සමණජාතිකා. තේ සාවකං ඒවං සමාදපෙන්ති: ඒහි ත්වං අම්භෝ පුරිස, යේ පුරත්ථිමාය දිසාය පාණා පරං යෝජනසතං, තේසු දණ්ඩං නික්ඛිපාහි, යේ පච්ඡිමාය දිසාය පාණා පරං යෝජනසතං, තේසු දණ්ඩං නික්ඛිපාහි: යේ උත්තරාය දිසාය පාණා පරං යෝජනසතං තේසු දණ්ඩං, නික්ඛිපාහි, යේ දක්ඛිණාය දිසාය පාණා පරං යෝජනසතං, තේසු දණ්ඩං නික්ඛිපාහීති. ඉති ඒකච්චානං පාණානං අනුද්දයාය අනුකම්පාය සමාදපෙන්ති, ඒකච්චානං පාණානං නානුද්දයාය නානුකම්පාය සමාදපෙන්ති. තේ තදහුපෝසථේ සාවකං ඒවං සමාදපෙන්ති: ඒහි ත්වං අම්භෝ පුරිස සබ්බචේලානි නික්ඛිපිත්වා ඒවං වදේහි: නාහං ක්වචන කස්සචි කිඤ්චනත්තස්මිං. න ච මම ක්වචන කත්ථචි කිඤ්චනතත්ථීති.

පින්වත් විශාඛා, නිගණ්ඨ උපෝසථය කොයි වගේ එකක්ද? පින්වත් විශාඛා, නිගණ්ඨයෝ කියලා ශ්‍රමණ කොටසක් ඉන්නවා. ඔවුන් ශ්‍රාවකයන්ව මේ විදිහට සමාදන් කරවනවා. ‘එම්බා පුරුෂය, ඔබ මෙහි එන්න. නැගෙනහිර දිශාවේ යොදුන් සියයක් දුරට යම් ප්‍රාණීන් ඉන්නවා නම්, ඔවුන් කෙරෙන් දඬු මුගුරු පැත්තකින් තියන්න. බටහිර දිශාවේ යොදුන් සියයක් දුරට යම් ප්‍රාණීන් ඉන්නවා නම්, ඔවුන් කෙරෙන්ද දඬු පැත්තකින් තියන්න. උතුරු දිශාවේ යොදුන් සියයක් දුරට යම් ප්‍රාණීන් ඉන්නවා නම් ඔවුන් කෙරෙන්ද දඬු මුගුරු පැත්තකින් තියන්න. දකුණු දිශාවේ යොදුන් සියයක් දුරට යම් ප්‍රාණීන් ඉන්නවා නම් ඔවුන් කෙරෙන්ද දඬු මුගුරු පැත්තකින් තියන්න.’ මේ විදිහට සමහර ප්‍රාණීන් පිළිබඳ දයාව පිණිස, අනුකම්පාව පිණිස හික්මවනවා. සමහර ප්‍රාණීන් ගැන දයාවක් නොවීම පිණිස, අනුකම්පාවක් නොවීම පිණිස හික්මවනවා. ඔවුන් ඒ පොහොය දිනයේ මේ විදිහට ශ්‍රාවකයන්ව සමාදන් කරනවා. ‘එම්බා පුරුෂය, ඔබ මෙහි එන්න. රෙදිපිළි හැම එකක්ම ගලවලා දාලා මේ විදිහට කියන්න. මම කිසි තැනක කාටවත් කරදරයක් ඇති කෙනෙක් නොවෙයි. මගේ කිසි තැනක් කිසි විදිහකින් වත් කරදරකාරී බවක් ඇත්තේ නෑ’ කියලා.

ජානන්ති ඛෝ පනස්ස මාතාපිතරෝ. අයං අම්හාකං පුත්තෝ’ති, සෝපි ජානාති ඉමේ මය්හං මාතාපිතරෝති. ජානාති ඛෝ පනස්ස පුත්තදාරෝ අයං අම්හාකං භත්තාති. සෝපි ජානාති අයං මය්හං පුත්තදාරෝති. ජානන්ති ඛෝ පනස්ස දාසකම්මකරපෝරිසා අයං අම්හාකං අය්‍යෝති. සෝපි ජානාති ඉමේ මය්හං දාසකම්මකරපෝරිසාති. ඉති යස්මිං සමයේ සච්චේ සමාදපේතබ්බා මුසාවාදේ තස්මිං සමයේ සමාදපෙන්ති ඉදං තස්ස මුසාවාදස්මිං වදාමි. සෝ තස්සා රත්තියා අච්චයේන තේ භෝගේ අදින්නංඤේව පරිභුඤ්ජති. ඉදමස්ස අදින්නාදානස්මිං වදාමි ඒවං ඛෝ විසාඛේ නිගණ්ඨුපෝසථෝ හෝති. ඒවං උපවුත්ථෝ ඛෝ විසාඛේ නිගණ්ඨුපෝසථෝ න මහප්ඵලෝ හෝති න මහානිසංසෝ න මහාජුතිකෝ න මහාවිප්ඵාරෝ.

ඒ වුනාට ‘මේ අපේ පුතා’ කියලා ඔහුගේ මව්පියන් හඳුනනවා. ‘මේ මාගේ මව්පියන්’ කියලා ඔහුත් හඳුනනවා. ‘මේ අපේ ස්වාමියා’ කියලා ඔහුගේ අඹුදරුවොත් දන්නවා. ‘මේ මාගේ අඹුදරුවෝ’ කියලා ඔහුත් දන්නවා. ‘මේ අපේ ප්‍රධානියා’ කියලා ඔහුගේ වැඩකරුවන්, කම්කරුවන් දන්නවා. ‘මේ මාගේ වැඩකරුවන්, කම්කරුවන්’ කියලා ඔහුත් දන්නවා. ඉතින් සත්‍යයේ සමාදන් කළ යුතුව තියෙද්දී, ඒ වෙලාවේ බොරුවේ සමාදන් කරවනවා. මේක ඔහුගේ බොරුවක් කියලයි මා කියන්නේ. ඉතින් ඔහු ඒ රැය ඉක්මවා යෑමෙන් පසුව (අත්හැර දැමුවා යැයි කියපු) ඔහුට නොදුන්නාවූම ඒ භවභෝග සම්පත් පරිහරණය කරනවා. මේක ඔහුගේ සොරකමක් කියලයි මා කියන්නේ. පින්වත් විශාඛා, නිගාණ්ඨ උපෝසථය වන්නේ ඔය විදිහටයි. පින්වත් විශාඛා, මේ විදිහට ගත කරන ලද නිගණ්ඨ උපෝසථය මහත්ඵල නෑ. මහානිසංස නෑ. මහ බැබලීම් නෑ. මහා පිනක් නෑ.

කථඤ්ච විසාඛේ අරියුපෝසථෝ හෝති: උපක්කිලිට්ඨස්ස විසාඛේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඉධ විසාඛේ අරියසාවකෝ තථාගතං අනුස්සරති: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.

පින්වත් විශාඛා, ආර්ය උපෝසථය කොයි විදිහේ දෙයක්ද? පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් තමයි වෙන්නේ. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේව සිහි කරනවා. ‘මෙසේත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, දෙව්මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේක’ කියලා.

තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති. පාමොජ්ජං උප්පජ්ජති. යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. සෙය්‍යථාපි විසාඛේ උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

මේ විදිහට තථාගතයන් වහන්සේව සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, ඒක හරියට කිලිටි වී ගිය හිසක පිරිසිදු වීම උපක්‍රමයෙන් වෙනවා වගේ.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කක්කඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඒවමේව ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය හිසක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? බෙහෙත් කල්ක නිසාත්, මැටි නිසාත්, ජලය නිසාත්, පුරුෂයාගේ එයට අවශ්‍ය වූ උත්සාහය නිසාත්ය. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට කිලිටි වුන හිසේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙනවා. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේත් ඔන්න ඔය ආකාරයටයි.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති: ඉධ විසාඛේ අරියසාවකෝ තථාගතං අනුස්සරති. ඉතිපි සෝ භගවා …පෙ… සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේව සිහිකරනවා. ‘මෙසේත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, ….(පෙ)…. දෙව්මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේක’ කියලා.

තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති. පාමොජ්ජං උප්පජ්ජති. යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. අයං වුච්චති විසාඛේ අරියසාවකෝ බ්‍රහ්මුපෝසථං උපවසති. බ්‍රහ්මුනා සද්ධිං සංවසති බ්‍රහ්මඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති. පාමොජ්ජං උප්පජ්ජති. යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

මේ විදිහට තථාගතයන් වහන්සේව සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්ම උපෝසථයෙන් වාසය කරනවා කියලා. බ්‍රහ්මයා සමඟ වාසය කරනවා කියලා. එතකොට ඔහුගේ සිත (සම්බුදුරජාණන් වහන්සේ නැමැති) බ්‍රහ්මයා අරභයා පහදිනවා. ප්‍රමෝදය උපදිනවා. සිතේ යම් උපක්ලේශ තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට තමයි කිලිටි වූ සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ.

උපක්කිලිට්ඨස්ස විසාඛේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඉධ විසාඛේ අරියසාවකෝ ධම්මං අනුස්සරති: ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් තමයි වෙන්නේ. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා. ‘භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරලයි තියෙන්නේ. මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකියි. අකාලිකයි. ඇවිත් බලන්නැයි කිව හැකියි. තමා තුළට පමුණුවාගත හැකියි. නැණවතුන් විසින් වෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි’ කියලා.

තස්ස ධම්මං අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. සෙය්‍යථාපි විසාඛේ උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

මේ විදිහට ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, ඒක හරියට කිලිටි වී ගිය කයක පිරිසිදු වීම උපක්‍රමයෙන් වෙනවා වගේ.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනා හෝති: සොත්තිඤ්ච පටිච්ච චුණ්ණඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය කයේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? ඇඟ උලන දේ නිසාත්, ඒකට ගන්නා සුවඳ නානු නිසාත්, ජලය නිසාත්, පුද්ගලයාගේ ඒ සඳහා වන උත්සාහය නිසාත්ය. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට කිලිටි වුන ශරීරයේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙනවා. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේත් ඔන්න ඔය ආකාරයටයි.

ඒවමේව ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති: ඉධ විසාඛේ අරියසාවකෝ ධම්මං අනුස්සරති: ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ …පෙ… පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. තස්ස ධම්මං අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. අයං වුච්චති විසාඛේ අරියසාවකෝ ධම්මුපෝසථං උපවසති. ධම්මේන සද්ධිං සංවසති ධම්මඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහිකරනවා. ‘භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරලයි තියෙන්නේ, ….(පෙ)…. නැණවතුන් විසින් වෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි’ කියලා. මේ විදිහට ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා ධර්ම උපෝසථයෙන් වාසය කරනවා කියලා. ධර්මය සමඟ වාසය කරනවා කියලා. එතකොට ඔහුගේ සිත ධර්මය අරභයා පහදිනවා. ප්‍රමෝදය උපදිනවා. සිතේ යම් උපක්ලේශ තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට තමයි කිලිටි වූ සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ.

උපක්කිලිට්ඨස්ස විසාඛේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති: ඉධ විසාඛේ අරියසාවකෝ සංඝං අනුස්සරති: සුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ උජුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ඤායප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ සාමීචිප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් තමයි වෙන්නේ. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සංඝරත්නයේ ගුණ සිහි කරනවා. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි. ඒ ශ්‍රාවක සංඝයා මාර්ගඵලලාභී පුද්ගලයින් යුගල වශයෙන් ගත් විට හතරයි. වෙන් වෙන් වශයෙන් ගත් විට පුරුෂ පුද්ගලයන් අටකි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනෙය්‍යයි, පාහුනෙය්‍යයි, දක්ඛිණෙය්‍යයි, අංජලිකරණීයයි, ලොවට උතුම් පින් කෙතයි’ කියලා.

තස්ස සංඝං අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. සෙය්‍යථාපි විසාඛේ උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

මේ විදිහට ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, ඒක හරියට කිලිටි වී ගිය වස්ත්‍රයක පිරිසිදු වීම උපක්‍රමයෙන් වෙනවා වගේ.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමේන පරියෝදපනා හෝති: උසුමඤ්ච පටිච්ච ඛාරඤ්ච පටිච්ච ගෝමයඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඒවමේව ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය වස්ත්‍රයක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? උණුසුම නිසාත්, සේදුම් ද්‍රව්‍ය නිසාත්, ගොම නිසාත්, ජලය නිසාත්, ඒ සඳහා පුද්ගලයා යොදන උත්සාහය නිසාත්ය. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට කිලිටි වස්ත්‍රයේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙනවා. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේත් ඔන්න ඔය ආකාරයටයි.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති: ඉධ විසාඛේ අරියසාවකෝ සංඝං අනුස්සරති: සුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ….පෙ…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. තස්ස සංඝං අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. අයං වුච්චති විසාඛේ අරියසාවකෝ සංඝුපෝසථං උපවසති, සංඝේන සද්ධිං සංවසති, සංඝඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සංඝ රත්නයේ ගුණ සිහිකරනවා. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. ….(පෙ)…. ලොවට උතුම් පින් කෙතයි’ කියලා.

මේ විදිහට ආර්ය ශ්‍රාවකයා සංඝරත්නයේ ගුණ සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා සංඝ උපෝසථයෙන් වාසය කරනවා කියලා. සංඝයා සමඟ වාසය කරනවා කියලා. එතකොට ඔහුගේ සිත සංඝයා අරභයා පහදිනවා. ප්‍රමෝදය උපදිනවා. සිතේ යම් උපක්ලේශ තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට තමයි කිලිටි වූ සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ.

උපක්කිලිට්ඨස්ස විසාඛේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති: ඉධ විසාඛේ අරියසාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. තස්ස සීලං අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. සෙය්‍යථාපි විසාඛේ උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් තමයි වෙන්නේ. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා තමන් තුළ ඇති, නොකැඩුන, සිදුරු නැති, නිකැලැල් වූ, නොකිලිටි වූ, තෘෂ්ණාවෙන් නිදහස්ව පිරිසිදු වූ, නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, දෘෂ්ටිවලින් ස්පර්ශ නොවූ, සමාධිය පිණිසම හේතු වන සීලය සිහි කරනවා.

මේ විදිහට සීලයෙහි ගුණ සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, ඒක හරියට කිලිටි වී ගිය කැඩපතක පිරිසිදු වීම උපක්‍රමයෙන් වෙනවා වගේ.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමේන පරියෝදපනා හෝති: තේලඤ්ච පටිච්ච ඡාරිකඤ්ච පටිච්ච වාලණ්ඩුපකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඒවමේව ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වූ කැඩපතක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? තෙල් නිසාත්, අළු නිසාත්, බුරුසුව නිසාත්, ඒ සඳහා පුද්ගලයා යොදන උත්සාහය නිසාත්ය. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට කිලිටි කැඩපතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙනවා. පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේත් ඔන්න ඔය ආකාරයටයි.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඉධ විසාඛේ අරියසාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති අඛණ්ඩානි …පෙ…. සමාධිසංවත්තනිකානි. තස්ස සීලං අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. අයං වුච්චති විසාඛේ ‘අරියසාවකෝ සීලුපෝසථං උපවසති, සීලේන සද්ධිං සංවසති, සීලඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටි වී ගිය සිතක පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා තමන් තුළ ඇති, නොකැඩුන, ….(පෙ)…. සමාධිය පිණිසම හේතු වන සීලය සිහි කරනවා.

මේ විදිහට ආර්ය ශ්‍රාවකයා සීලයෙහි ගුණ සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා සීල උපෝසථයෙන් වාසය කරනවා කියලා. සීලය සමඟ වාසය කරනවා කියලා. එතකොට ඔහුගේ සිත සීලය අරභයා පහදිනවා. ප්‍රමෝදය උපදිනවා. සිතේ යම් උපක්ලේශ තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට තමයි කිලිටි වූ සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ.

උපක්කිලිට්ඨස්ස විසාඛේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඉධ විසාඛේ අරියසාවකෝ දේවතා අනුස්සරති, සන්ති දේවා චාතුමහාරාජිකා චාතුම්මහාරාජිකා සන්ති දේවා තාවතිංසා සන්ති දේවා යාමා ….පෙ… තුසිතා – නිම්මානරතිනෝ – පරනිම්මිතවසවත්තිනෝ, සන්ති දේවා බ්‍රහ්මකායිකා, සන්ති දේවා තතුත්තරිං, යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථඋපපන්නා. මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති යථාරූපේන සීලේන සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපේන සුතේන සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථඋපපන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපේන චාගේන සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථඋපපන්නා, මය්හම්පි තථාරූපෝ චාගෝ සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති. තස්ස අත්තනෝ ච තාසඤ්ච දේවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතෝ චිත්තං පසීදති පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති.

පින්වත් විශාඛා, කිලිටු වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයෙන් තමයි වෙන්නේ. පින්වත් විශාඛා, කිලිටු වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයකින් වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා දෙවියන් පිළිබඳ සිතනවා. චාතුම්මහාරාජිකයේ වාසය කරන දෙවියන් ඉන්නවා. තව්තිසාවේ වාසය කරන දෙවියන් ඉන්නවා. ….(පෙ)…. යාම දෙව්ලොවේ ….(පෙ)…. තුසිත දෙව්ලොවේ ….(පෙ)…. නිම්මාණරතී දෙව්ලොවේ ….(පෙ)…. පරනිම්මිත වසවත්තී දෙව්ලොවේ ….(පෙ)…. බ්‍රහ්මකායික දෙවිවරු ඉන්නවා, ඊටත් ඔබ්බට තවත් දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු යම්කිසි ආකාරයක ශ්‍රද්ධාවකින් යුක්ත වෙච්ච නිසා මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තූලත් ඒ ආකාරයේ ශ්‍රද්ධාවක් දකින්න තියෙනවා. ඒ දෙවිවරු යම් අයුරක සීලයක් හේතු කොටගෙන මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තුළත් ඒ ආකාරයේ සීලයක් දකින්න තියෙනවා. ඒ දෙවිවරු යම් අයුරක ඇසූ පිරූ දහම් දැනුමක් හේතු කොටගෙන මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තුළත් ඒ ආකාරයේ ඇසූ පිරූ දහම් දැනුමක් දකින්න තියෙනවා. ඒ දෙවිවරු යම් අයුරක පරිත්‍යාගයක් හේතු කොටගෙන මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තුළත් ඒ ආකාරයේ පරිත්‍යාගයක් දකින්න තියෙනවා. ඒ දෙවිවරු යම් අයුරක ප්‍රඥාවක් හේතු කොටගෙන මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තුළත් ඒ ආකාරයේ ප්‍රඥාවක් දකින්න තියෙනවා.

මේ විදිහට තමන්ගේත්, ඒ දෙවියන්ගේත් ශ්‍රද්ධාවත්, සීලයත්, සුතයත්, චාගයත්, ප්‍රඥාවත්, සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා.

සෙය්‍යථාපි විසාඛේ උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. උක්කඤ්ච පටිච්ච ලෝණඤ්ච පටිච්ච ගේරුකඤ්ච පටිච්ච නාළිකසණ්ඩාසඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. ඒවමේව ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, ඒක හරියට කිලිටු වී ගිය රනක පිරිසිදු වීම උපක්‍රමයෙන් වෙනවා වගේ.

පින්වත් විශාඛා, කිලිටි වෙච්ච රත්තරන්වල පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධවෙන්නේ කොහොමද? කෝව නිසාත්, ලුණු නිසාත්, රන් වර්ණකාරකය නිසාත්, පිඹින බටයත් අඬුවත් නිසාත්, ඒ සඳහා පුද්ගලයා යොදන මහන්සිය නිසාත්ය. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට තමයි කිලිටි වෙච්ච රත්තරන්වල පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. පින්වත් විශාඛා, කිලිටි වූ සිතේ පිරිසිදු වීමත් උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයටයි.

කථඤ්ච විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති: ඉධ විසාඛේ අරියසාවකෝ දේවතා අනුස්සරති: සන්ති දේවා චාතුමහාරාජිකා ….පෙ)…. සන්ති දේවා තතුත්තරි, යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථඋපපන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති, යථාරූපේන සීලේන ….පෙ…. සුතේන – චාගේන – පඤ්ඤාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථඋපපන්නා මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති. තස්ස අත්තනෝ ච තාසඤ්ච දේවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතෝ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. අයං වුච්චති විසාඛේ අරියසාවකෝ දේවතුපෝසථං උපවසති, දේවතාහි සද්ධිං සංවසති, දේවතා චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යේ චිත්තස්ස උපක්කිලේසා තේ පහීයන්ති. ඒවං ඛෝ විසාඛේ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති.

පින්වත් විශාඛා, කිලිටු වී ගිය සිතේ පිරිසිදු කිරීම උපක්‍රමයකින් වෙන්නේ කොහොමද? පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා දෙවියන් පිළිබඳ සිතනවා. චාතුම්මහාරාජිකයේ වාසය කරන දෙවියන් ඉන්නවා. ….(පෙ)…. ඊටත් ඔබ්බට තවත් දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු යම්කිසි ආකාරයක ශ්‍රද්ධාවකින් යුක්ත වෙච්ච නිසා මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තුළත් ඒ ආකාරයේ ශ්‍රද්ධාවක් දකින්න තියෙනවා. ඒ දෙවිවරු යම් අයුරක සීලයක් හේතු කොටගෙන ….(පෙ)…. දහම් දැනුමක් හේතු කොටගෙන ….(පෙ)…. යම් අයුරක පරිත්‍යාගයක් හේතු කොටගෙන ….(පෙ)…. ඒ දෙවිවරු යම් අයුරක ප්‍රඥාවක් හේතු කොටගෙන මෙලොවින් චුත වෙලා එහි ඉපදුනා නම්, මා තුළත් ඒ ආකාරයේ ප්‍රඥාවක් දකින්න තියෙනවා. මේ විදිහට තමන්ගේත්, ඒ දෙවියන්ගේත් ශ්‍රද්ධාවත්, සීලයත්, සුතයත්, චාගයත්, ප්‍රඥාවත්, සිහි කරන ඔහුගේ සිත පැහැදෙනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම්, ඒවා ප්‍රහීණ වෙනවා. පින්වත් විශාඛා, මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා දේවතා උපෝසථයෙන් වාසය කරනවා කියලා. දෙවියන් සමඟ වාසය කරනවා කියලා. එතකොට ඔහුගේ සිත දෙවියන් අරභයා පහදිනවා. ප්‍රමෝදය උපදිනවා. සිතේ යම් උපක්ලේශ තිබෙනවා නම්, ඒවා ප්‍රහාණය වෙලා යනවා. පින්වත් විශාඛා, මෙන්න මේ විදිහට තමයි කිලිටි වූ සිතේ පිරිසිදු වීම උපක්‍රමයෙන් සිද්ධ වෙන්නේ.

ස ඛෝ සෝ විසාඛේ අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යාවජීවං අරහන්තෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

පින්වත් විශාඛා, ඒ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් සිතා බලනවා. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, දඬු මුගුරු අයින් කරලා, අවි ආයුධ අත්හැරලා, (ප්‍රණඝාතයට) ලැජ්ජාවෙන් යුතුව, දයාවෙන් යුතුව, සියලු සතුන් කෙරෙහිම හිතානුකම්පාවෙන්මයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, දඬු මුගුරු අයින් කරලා, අවි ආයුධ අත්හැරලා, (ප්‍රණඝාතයට) ලැජ්ජාවෙන් යුතුව, දයාවෙන් යුතුව, සියලු සතුන් කෙරෙහිම හිතානුකම්පාවෙන්ම වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකංඛී, අථේනේන සුචිභූතේන අත්තනා විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ දින්නාදායී දින්නපාටිකංඛී අථේනේන සුචිභූතේන අත්තනා විහරාමි. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකම අත්හැරලා සොරකමෙන් වෙන් වෙලා, දුන් දෙයක් පමණක් පිළිඅරගෙන, දුන් දෙයක් පමණක් පිළිගනු කැමතිව, සොර රහිත වූ, පාරිශුද්ධ ජීවිතයකින් යුතුවයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් සොරකම අත්හැරලා සොරකමෙන් වෙන් වෙලා, දුන් දෙයක් පමණක් පිළිඅරගෙන, දුන් දෙයක් පමණක් පිළිගනු කැමතිව, සොර රහිත වූ, පාරිශුද්ධ ජීවිතයකින් යුතුව වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී ආරාචාරී විරතා මේථුනා ගාමධම්මා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී විරතෝ මේථුනා ගාමධම්මා. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් අබ්‍රහ්මචාරීබව අත්හැරලා, අබ්‍රහ්මචාරීබව දුරුකරලා, ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකිලා, බ්‍රහ්මචාරීවයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් අබ්‍රහ්මචාරීබව අත්හැරලා, අබ්‍රහ්මචාරීබව දුරුකරලා, ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකිලා, බ්‍රහ්මචාරීව වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදී සච්චසන්ධා ථේතා පච්චයිකා අවිසංවාදකා ලෝකස්ස. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ සච්චවාදී සච්චසන්ධෝ ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරුකීම අත්හැරලා, බොරුකීමෙන් වැළකිලා, සත්‍යවාදීව, ඇත්තෙන් ඇත්ත ගලපමින්, ස්ථිර කතා ඇතිව, ඇදහිය යුතු කථා ඇතිව, ලෝකයෙහි අර්බුද හට නොගන්නා කතාවෙන් යුතුවයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් බොරුකීම අත්හැරලා, බොරුකීමෙන් වැළකිලා, සත්‍යවාදීව, ඇත්තෙන් ඇත්ත ගලපමින්, ස්ථිර කතා ඇතිව, ඇදහිය යුතු කථා ඇතිව, ලෝකයෙහි අර්බුද හට නොගන්නා කතාවෙන් යුතුව වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ සුරාමේරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං සුරාමේරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතෝ. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් මත්වීමටත්, ප්‍රමාදයටත් මුල්වන මත්පැන්, මත්ද්‍රව්‍ය අත්හැරලා, මත්වීමටත්, ප්‍රමාදයටත් මුල්වන මත්පැන්, මත්ද්‍රව්‍යවලින් වැළකිලයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් මත්වීමටත්, ප්‍රමාදයටත් මුල්වන මත්පැන්, මත්ද්‍රව්‍ය අත්හැරලා, මත්වීමටත්, ප්‍රමාදයටත් මුල්වන මත්පැන්, මත්ද්‍රව්‍යවලින් වැළකිලා වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ ඒකභත්තිකා රත්තූපරතා විරතා විකාලභෝජනා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං ඒකභත්තිකෝ රත්තූපරතෝ විරතෝ විකාලභෝජනා. ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් උදේ වරුවේ පමණක් වළඳමින්, රාත්‍රී ආහාරයෙන් වැළකිලා, විකාලභෝජනයෙන් වැළකිලයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් උදේ වරුවේ පමණක් වළඳමින්, රාත්‍රී ආහාරයෙන් වැළකිලා, විකාලභෝජනයෙන් වැළකිලා වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලේපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලේපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතෝ . ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම්, මල් සුවඳවිලවුන් දැරීම්, විසිතුරු වස්ත්‍රාභරණවලින් සැරසීම්වලින් වැළකිලයි වැඩවාසය කරන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම්, මල් සුවඳවිලවුන් දැරීම්, විසිතුරු වස්ත්‍රාභරණවලින් සැරසීම්වලින් වැළකිලා වාසය කරනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

යාවජීවං අරහන්තෝ උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්‍යං කප්පෙන්ති. මඤ්චකේ වා තිණසන්ථාරකේ වා. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතෝ නීචසෙය්‍යං කප්පේමි. මඤ්චකේ වා තිණසන්ථාරකේ වා ඉමිනාපහං අංගේන අරහතං අනුකරෝමි, උපෝසථෝ ච මේ උපවුත්ථෝ භවිස්සති.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් වටිනා උසස් ආසන, මහා ආසන අත්හැරලා, වටිනා උසස් ආසන, මහා ආසන පරිහරණයෙන් වැළකිලා, ඇඳක හෝ පැදුරක හෝ කුඩා ආසනවලයි සැතපෙන්නේ. ඉතින් මමත් අද මේ රාත්‍රියෙත්, දහවල් දවසේත් වටිනා උසස් ආසන, මහා ආසන අත්හැරලා, වටිනා උසස් ආසන, මහා ආසන පරිහරණයෙන් වැළකිලා, ඇඳක හෝ පැදුරක හෝ කුඩා ආසනයක සැතපෙනවා. මේ ගුණාංගයෙන් මම රහතන් වහන්සේලා අනුව කටයුතු කරනවා. ඒ තුළින් මං උපෝසථයත් සමාදන් වුනා වෙනවා.

ඒවං ඛෝ විසාඛේ අරියුපෝසථෝ හෝති. ඒවං උපවුත්ථෝ ඛෝ විසාඛේ අරියුපෝසථෝ මහප්ඵලෝ හෝති, මහානිසංසෝ මහාජුතිකෝ මහාවිප්ඵාරෝ.

පින්වත් විශාඛා, ආර්ය උපෝසථය වන්නේ ඔය විදිහටයි. පින්වත් විශාඛා, මේ විදිහට වාසය කරපු ආර්ය උපෝසථය මහත්ඵලයි. මහානිසංසයි. මහ බැබලීමෙන් යුක්තයි. මහා පිනක්.

කීවමහප්ඵලෝ හෝති. කීවමහානිසංසෝ කීවමහාජුතිකේ කීවමහාවිප්ඵාරෝ.

කොපමණ මහත්ඵලයිද? කොපමණ මහානිසංසයිද? කොපමණ මහ බැබලීමෙන් යුක්තයිද? කොපමණ මහා පිනක්ද?

සෙය්‍යථාපි විසාඛේ යෝ ඉමේසං සෝළසන්නං මහාජනපදානං පහූතසත්තරතනානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්‍ය, සෙය්‍යථිදං: අංගානං මගධානං කාසීනං කෝසලානං වජ්ජීනං මල්ලානං චේතීනං වංගානං කුරූනං පඤ්චාලානං මච්ඡානං සූරසේනානං අස්සකානං අවන්තීනං ගන්ධාරානං කම්බෝජානං, අට්ඨංගසමන්නාගතස්ස උපෝසථස්ස ඒතස්ස කලං නාග්ඝති සෝළසිං. තං කිස්ස හේතු: කපණං විසාඛේ මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.

පින්වත් විශාඛා, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. යම් කෙනෙක් බොහෝ රන්රුවන්වලින් පිරුණු, ඉසුරුමත් බව අධිපති කොට ඇති මේ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වංග, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ කියන මේ සොළොස් මහාජනපදවල රජකම් කරනවා වුනත්, ඒක මේ අෂ්ටාංග උපෝසථ සීල සමාදානයේ සොළොස් වෙනි පංගුව තරම්වත් වටින්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් විශාඛා, දිව්‍ය සැපයත් එක්ක බලද්දී, මේ මනුෂ්‍ය රාජකීය බව බොහෝම දිළිඳු සැපයක්.

යානි විසාඛේ මානුසකානි පඤ්ඤාස වස්සානි, චාතුමහාරාජිකානං දේවානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ, තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ. තේන මාසේන ද්වාදසමාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බානි පඤ්ච වස්සසතානි චාතුමහාරාජිකානං දේවානං ආයුප්පමාණං. ඨානං ඛෝ පනේතං විසාඛේ විජ්ජති යං ඉධේකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිත්වා කායස්ස භේදා පරං මරණා චාතුමහාරාජිකානං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛෝ පනේතං විසාඛේ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.

පින්වත් විශාඛා, මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු පනහක් චාතුම්මහාරාජික දෙවිවරුන්ට එක් රැයක් සහ එක් දහවලක්. ඒ වගේ රාත්‍රීන් තිහක් මාසයයි. ඒ මාසවලින් දොළහක් අවුරුද්දයි. චාතුම්මහාරාජික දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ අවුරුදුවලින් පන්සියයක් වෙනවා. පින්වත් විශාඛා, මෙහි යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා, කය බිඳී මිය පරලොව ගියාට පස්සේ මේ චාතුම්මහාරාජික දෙවිවරුන් අතර උපදිනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. පින්වත් විශාඛා, මෙන්න මේ කාරණය නිසා තමයි දිව්‍ය සැපය එක්ක බලද්දී මේ මනුෂ්‍ය රජසැප බොහෝම දිළිඳු සැපයක් කියලා කිව්වේ.

යං විසාඛේ මානුසකං වස්සසතං, තාවතිංසානං දේවානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ, තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ, තේන මාසේන ද්වාදසමාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බං වස්සසහස්සං තාවතිංසානං දේවානං ආයුප්පමාණං. ඨානං ඛෝ පනේතං විසාඛේ විජ්ජති යං ඉධේකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිත්වා කායස්ස භේදා පරං මරණා තාවතිංසානං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛෝ පනේතං විසාඛේ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.

පින්වත් විශාඛා, මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු සියයක් තව්තිසා දෙවිවරුන්ට එක් රැයක් සහ එක් දහවලක්. ඒ වගේ රාත්‍රීන් තිහක් මාසයයි. ඒ මාසවලින් දොළහක් අවුරුද්දයි. තව්තිසා දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ අවුරුදුවලින් දාහක් වෙනවා. පින්වත් විශාඛා, මෙහි යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා, කය බිඳී මිය පරලොව ගියාට පස්සේ මේ තව්තිසා දෙවිවරුන් අතර උපදිනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. පින්වත් විශාඛා, මෙන්න මේ කාරණය නිසා තමයි දිව්‍ය සැපය එක්ක බලද්දී මේ මනුෂ්‍ය රජසැප බොහෝම දිළිඳු සැපයක් කියලා කිව්වේ.

යානි විසාඛේ මානුසකානි ද්වේ වස්සසතානි, යාමානං දේවානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ, තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ, තේන මාසේන ද්වාදසමාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බානි ද්වේ වස්සසහස්සානි යාමානං දේවානං ආයුප්පමාණං. ඨානං ඛෝ පනේතං, විසාඛේ, විජ්ජති යං ඉධේකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිත්වා කායස්ස භේදා පරං මරණා යාමානං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛෝ පනේතං විසාඛේ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.

පින්වත් විශාඛා, මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු දෙසීයක් යාම දෙවිවරුන්ට එක් රැයක් සහ එක් දහවලක්. ඒ වගේ රාත්‍රීන් තිහක් මාසයයි. ඒ මාසවලින් දොළහක් අවුරුද්දයි. යාම දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ අවුරුදුවලින් දෙදාහක් වෙනවා. පින්වත් විශාඛා, මෙහි යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා, කය බිඳී මිය පරලොව ගියාට පස්සේ මේ යාම දෙවිවරුන් අතර උපදිනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. පින්වත් විශාඛා, මෙන්න මේ කාරණය නිසා තමයි දිව්‍ය සැපය එක්ක බලද්දී මේ මනුෂ්‍ය රජසැප බොහෝම දිළිඳු සැපයක් කියලා කිව්වේ.

යානි විසාඛේ මානුසකානි චත්තාරි වස්සසතානි, තුසිතානං දේවානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ, තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ. තේන මාසේන ද්වාදසමාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බානි චත්තාරි වස්සසහස්සානි තුසිතානං දේවානං ආයුප්පමාණං. ඨානං ඛෝ පනේතං විසාඛේ විජ්ජති යං ඉධේකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිත්වා කායස්ස භේදා පරං මරණා තුසිතානං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛෝ පනේතං විසාඛේ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.

පින්වත් විශාඛා, මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු හාරසීයක් තුසිත දෙවිවරුන්ට එක් රැයක් සහ එක් දහවලක්. ඒ වගේ රාත්‍රීන් තිහක් මාසයයි. ඒ මාසවලින් දොළහක් අවුරුද්දයි. තුසිත දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ අවුරුදුවලින් හාරදාහක් වෙනවා. පින්වත් විශාඛා, මෙහි යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා, කය බිඳී මිය පරලොව ගියාට පස්සේ මේ තුසිත දෙවිවරුන් අතර උපදිනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. පින්වත් විශාඛා, මෙන්න මේ කාරණය නිසා තමයි දිව්‍ය සැපය එක්ක බලද්දී මේ මනුෂ්‍ය රජසැප බොහෝම දිළිඳු සැපයක් කියලා කිව්වේ.

යානි විසාඛේ මානුසකානි අට්ඨ වස්සසතානි නිම්මානරතීනං දේවානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ, තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ, තේන මාසේන ද්වාදසමාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බානි අට්ඨ වස්සසහස්සානි නිම්මානරතීනං දේවානං ආයුප්පමාණං. ඨානං ඛෝ පනේතං විසාඛේ විජ්ජති, යං ඉධේකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිත්වා කායස්ස භේදා පරං මරණා නිම්මානරතීනං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛෝ පනේතං විසාඛේ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.

පින්වත් විශාඛා, මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු අටසීයක් නිම්මාණරතී දෙවිවරුන්ට එක් රැයක් සහ එක් දහවලක්. ඒ වගේ රාත්‍රීන් තිහක් මාසයයි. ඒ මාසවලින් දොළහක් අවුරුද්දයි. නිම්මාණරතී දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ අවුරුදුවලින් අටදාහක් වෙනවා. පින්වත් විශාඛා, මෙහි යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා, කය බිඳී මිය පරලොව ගියාට පස්සේ මේ නිම්මාණරතී දෙවිවරුන් අතර උපදිනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. පින්වත් විශාඛා, මෙන්න මේ කාරණය නිසා තමයි දිව්‍ය සැපය එක්ක බලද්දී මේ මනුෂ්‍ය රජසැප බොහෝම දිළිඳු සැපයක් කියලා කිව්වේ.

යානි විසාඛේ මානුසකානි සෝළස වස්සසතානි පරනිම්මිතවසවත්තීනං දේවානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ, තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ, තේන මාසේන ද්වාදසමාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බානි සෝළස වස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දේවානං ආයුප්පමාණං. ඨානං ඛෝ පනේතං විසාඛේ විජ්ජති, යං ඉධේකච්චෝ ඉත්ථී වා පුරිසෝ වා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිත්වා කායස්ස භේදා පරං මරණා පරනිම්මිතවසවත්තීනං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛෝ පනේතං විසාඛේ සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායාති.

පින්වත් විශාඛා, මනුෂ්‍ය ආයුෂවලින් අවුරුදු එක්දහස් හයසියයක් පරනිම්මිතවසවත්තී දෙවිවරුන්ට එක් රැයක් සහ එක් දහවලක්. ඒ වගේ රාත්‍රීන් තිහක් මාසයයි. ඒ මාසවලින් දොළහක් අවුරුද්දයි. පරනිම්මිතවසවත්තී දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒ අවුරුදුවලින් දහසයදාහක් වෙනවා. පින්වත් විශාඛා, මෙහි යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙලා, කය බිඳී මිය පරලොව ගියාට පස්සේ මේ පරනිම්මිතවසවත්තී දෙවිවරුන් අතර උපදිනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. පින්වත් විශාඛා, මෙන්න මේ කාරණය නිසා තමයි දිව්‍ය සැපය එක්ක බලද්දී මේ මනුෂ්‍ය රජසැප බොහෝම දිළිඳු සැපයක් කියලා කිව්වේ.

30. පාණං න හානේ න චදින්නමාදියේ
මුසා න භාසේ න ච මජ්ජපෝ සියා,
අබ්‍රහ්මචරියා විරමෙය්‍ය මේථුනා
රත්තිං න භුඤ්ජෙය්‍ය විකාලභෝජනං.

30. ප්‍රාණඝාතය නොකරන්නේය. නුදුන් දේ නොගන්නේය. බොරු නොකියන්නේය. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්නේය. අබ්‍රහ්මචරියාව නැමැති මෛථූනයෙනුත් වළකින්නේය. විකාල භෝජනයෙනුත් වැළකී, රාත්‍රියෙහි අනුභව නොකරන්නේය.

31. මාලං න ධාරේ න ච ගන්ධමාචරේ
මඤ්චේ ඡමායං ව සයේථ සන්ථතේ,
ඒතඤ්හි අට්ඨංගිකමාහුපෝසථං
බුද්ධේන දුක්ඛන්තගුනා පකාසිතං.

31. මලින් නොසැරසෙන්නේය. සුවඳ විලවුන් නොගල්වන්නේය. ඇඳක වේවා, පැදුරක වේවා, මිටි අසුනක සැතපෙන්නේය. දුකින් එතෙරට වැඩි බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ අට්ඨාංග උපෝසථය යනු මෙයම බවයි.

32. චන්දෝ ච සූරියෝ ච උභෝ සුදස්සනා
ඕභාසයං අනුපරියන්ති යාවතා,
තමෝනුදා තේ පන අන්තලික්ඛගා
නභේ පභාසෙන්ති දිසාවිරෝචනා.

32. සොඳුරු දැක්මෙන් යුතු සඳත්, හිරුත් යන දෙක එළිය විහිදුවමින් යම්තාක් සිසාරා යයිද, ඒ හිරු සඳු දෙදෙන අහසෙහි අඳුර නසමින් දිශාවන් බබුළුවමින්, අහසෙහි රැස් විහිදුවයි.

33. ඒතස්මිං යං විජ්ජති අන්තරේ ධනං
මුත්තා මණි වේළුරියඤ්ච භද්දකං,
සිංගී සුවණ්ණං අථ වාපි කඤ්චනං
යං ජාතරූපං හටකන්ති වුච්චති.

33. මේ හිරු සඳු දෙක අතරෙහි යම්කිසි ධනයක් දකින්නට ලැබුණොත්, මුතු හෝ මැණික් හෝ වෛරෝඩි මැණික් හෝ සිගු රන් හෝ වෙනත් රත්තරන් හෝ තියෙනවා නම්. හටකයැයි කියන ලද යම් රත්තරන් තියෙනවා නම්,

34. අට්ඨංගුපේතස්ස උපෝසථස්ස
කලම්පි තේ නානුභවන්ති සෝළසිං,
චන්දප්පභා තාරගණා ච සබ්බේ.

34. ඒවා අට්ඨාංග උපෝසථය සමාදන් වූ කෙනෙකුගේ පිනෙන් සොළොස්වන කලාවක් තරම්වත් වටින්නේ නෑ. සියලු තරුවල එළිය චන්ද්‍රාලෝකය තරම් වටින්නේ නෑ වගේ,

35. තස්මා හි නාරී ච නරෝ ච සීලවා,
අට්ඨංගුපේතං උපවස්සුපෝසථං,
පුඤ්ඤානි කත්වාන සුඛුද්‍රයානි
අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.

35. එම නිසා සිල්වත් වූ පුරුෂයෙක් වේවා, ස්ත්‍රියක් වේවා, අෂ්ටාංග උපෝසථ සීලයමයි පුරුදු කළයුත්තේ. සැප උපදවාලන පින් කොට නින්දා රහිත තැන වූ ස්වර්ගයෙහි උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

මහාවග්ගෝ දුතියෝ

දෙවෙනි මහා වර්ගයයි.

තස්සුද්දානං –

තිත්ථභයඤ්ච වේනාගෝ – සරභෝ කේසපුත්තියා
සාළේහා චාපි කථාවත්ථු තිත්ථියමූලුපෝසථෝති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M