05. එකල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ඒ අමා නිවන මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි දෙයක්. ඒ අමා නිවන මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි දෙයක් කියල කියනවා. භවත් ගෞතමයන් වහන්ස, ඒ අමා නිවන මේ ජීවිතයේදීම අවබෝධ හැකි වන්නේ, අකාලික වන්නේ, ඇවිත් බලන්නැයි කිව හැකි වන්නේ, තමා තුළට පමුණුවාගත හැකි වන්නේ, නැණවතුන් විසින් වෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ කවර කරුණු මතද?”
පින්වත් බ්‍රාහ්මණය, රාගයෙන් ඇලී ගිය, රාගයෙන් යටපත් කරන ලද, රාගයෙන් පෙරලී ගිය සිත් ඇති කෙනා තමාට පීඩා පිණිසත් සිතනවා. අනුන්ට පීඩා පිණිසත් සිතනවා. දෙපැත්තටම පීඩා පිණිසත් සිතනවා. මානසිකව දුක් දොම්නස් විඳවනවා. නමුත් රාගය ප්‍රහාණය වී ගිය විට තමාට පීඩා පිණිස සිතන්නේ නෑ. අනුන්ට පීඩා පිණිස සිතන්නේ නෑ. දෙපැත්තටම පීඩා පිණිස සිතන්නේ නෑ. මානසික දුක් දොම්නස් විඳවන්නෙත් නෑ. පින්වත් බ්‍රාහ්මණය ඔය අයුරිනුයි ඒ අමා නිවන මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි වන්නේ.
පින්වත් බ්‍රාහ්මණය, ද්වේෂයෙන් දුෂ්ඨ වී ගිය ….(පෙ)…. පින්වත් බ්‍රාහ්මණය, මෝහයෙන් මුළා වී ගිය, මෝහයෙන් යටපත් කරන ලද, මෝහයෙන් පෙරලී ගිය සිත් ඇති කෙනා තමාට පීඩා පිණිසත් සිතනවා. අනුන්ට පීඩා පිණිසත් සිතනවා. දෙපැත්තටම පීඩා පිණිසත් සිතනවා. මානසිකව දුක් දොම්නස් විඳවනවා. නමුත් මෝහය ප්‍රහාණය වී ගිය විට තමාට පීඩා පිණිස සිතන්නේ නෑ. අනුන්ට පීඩා පිණිස සිතන්නේ නෑ. දෙපැත්තටම පීඩා පිණිස සිතන්නේ නෑ. මානසික දුක් දොම්නස් විඳවන්නෙත් නෑ. පින්වත් බ්‍රාහ්මණය ඔය අයුරිනුයි ඒ අමා නිවන මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි වන්නේ.
පින්වත් බ්‍රාහ්ණය, යම් කලෙක මේ භික්ෂුව ඉතිරි නැතුවම රාගය ක්ෂය වූ බවට ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම්, ඉතිරි නැතුවම ද්වේෂය ක්ෂය වූ බවට ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම්, ඉතිරි නැතුවම මෝහය ක්ෂය වූ බවට ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම්, පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය අයුරිනුයි ඒ අමා නිවන මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකිවන්නේ. අකාලික වන්නේ. ඇවිත් බලන්නැයි කිව හැකි වන්නේ. තමා තුළට පමුණුවාගත හැකි වන්නේ. නැණවතුන් විසින් වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගෙන වදාරණ සේක්වා!
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M