අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.1.10.

10. අථ ඛෝ සංගාරවෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ සංගාරවෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච: මයමස්සු භෝ ගෝතම, බ්‍රාහ්මණා නාම, යඤ්ඤං යජාමපි, යජාපේමපි, තත්‍ර භෝ ගෝතම, යෝ චේව යජති, යෝ ච යජාපේති, සබ්බේ තේ අනේකසාරීරිකං පුඤ්ඤප්පටිපදං පටිපන්නා හොන්ති යදිදං යඤ්ඤාධිකරණං, යෝ පනායං භෝ ගෝතම, යස්ස වා තස්ස වා කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ ඒකමත්තානං දමේති, ඒකමත්තානං සමේති, ඒකමත්තානං පරිනිබ්බාපේති, ඒවමස්සායං ඒකසාරීරිකං පුඤ්ඤපටිපදං පටිපන්නෝ හෝති යදිදං පබ්බජ්ජාධිකරණන්ති.

10. එදා සංගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන සංගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙකරුණ පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, අපි ඉතින් බමුණො නෙව. අපි යාගත් කරනවා. ඒ වගේම යාග කරවනවා. භවත් ගෞතමයන් වහන්ස, එහිලා යමෙක් යාග කරයිද, යමෙක් යාග කරවයිද, ඒ සියලු දෙනාම මේ යාග කිරීම නම් වූ කාරණය හේතුවෙන් අනේක වූ ජීවිත තුළ පුණ්‍ය ප්‍රතිපදාවකටයි පැමිණිලා ඉන්නේ. භවත් ගෞතමයන් වහන්ස, යමෙක් වනාහී යම් පවුලකින් ගිහි ගෙදරින් නික්ම අනගාරික සසුනේ පැවිදි වෙනවාද, ඔහු දමනය කරන්නේ එක ආත්මයයි. සංසිඳුවන්නේ එක ආත්මයයි. පිරිනිවීමට පත්වෙන්නේ එක ආත්මයයි. ඔය ආකාරයෙන් මේ පුද්ගලයා මේ පැවිදිබව නම් වූ කාරණය හේතුවෙන් එක ජීවිතයකට අයත් වූ පුණ්‍ය ප්‍රතිපදාවකටයි පැමිණිලා ඉන්නේ.”

තේන හි බ්‍රාහ්මණ, තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, ඉධ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඒවමාහ: ‘ඒථායං මග්ගෝ, අයං පටිපදා, යථා පටිපන්නෝ අහං අනුත්තරං බ්‍රහ්මචරියෝගධං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේමි, ඒථ තුම්හේපි තථා පටිපජ්ජථ, යථා පටිපන්නා තුම්හේපි අනුත්තරං බ්‍රහ්මචරියෝගධං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති. ඉති අයං චේව සත්ථා ධම්මං දේසේති, පරේ ච තථත්තාය පටිපජ්ජන්ති. තානි ඛෝ පන හොන්ති අනේකානිපි සතානි අනේකානිපි සහස්සානි අනේකානිපි සතසහස්සානි.

“එසේ වී නම් පින්වත් බ්‍රාහ්ණය, මෙහිලා ඔබෙන්ම මා අසන්නම්. ඔබ යම් අයුරකින් කැමැති නම් ඒ අයුරින් පිළිතුරු දෙන්න. පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මෙහිලා අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. උන්වහන්සේ මේ අයුරින් වදාරනවා. ‘එන්න. මෙයයි මාර්ගය. මෙයයි ප්‍රතිපදාව. යම් අයුරකින් පිළිපැද්ද මා අනුත්තර වූ බ්‍රහ්මචරියාවට අයත් ඒ අමා නිවන තමන් තුළම උපදවා ගත් විශිෂ්ට නුවණින් යුතුව සාක්ෂාත් කරලයි කියා දෙන්නේ. ඉතින් ඔබත් එන්න. ඒ අයුරින් පිළිපදින්න. එතකොට යම් අයුරකින් පිළිපදින්නා වූ ඔබත් අනුත්තර වූ බ්‍රහ්මචරියාවට අයත් ඒ අමා නිවන තමන් තුළම උපදවා ගෙන විශිෂ්ට නුවණින් යුතුව සාක්ෂාත් කරගෙන වාසය කරනවා.’ ඔය අයුරින් මේ ශාස්තෘන් වහන්සේද ධර්මය දේශනා කරනවා. අනෙක් උදවියත් ඒ අයුරින් පිළිපදිනවා. ඔවුන් නොයෙක් සිය ගණනින්, නොයෙක් දහස් ගණනින්, නොයෙක් ලක්ෂ ගණනින් යුක්තයි.

තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, ඉච්චායං ඒවං සන්තේ ඒකසාරීරිකා වා පුඤ්ඤප්පටිපදා හෝති අනේකසාරීරිකා වා, යදිදං පබ්බජ්ජාධිකරණන්ති? ඉච්චායම්පි භෝ ගෝතම, ඒවං සන්තේ අනේකසාරීරිකා පුඤ්ඤප්පටිපදා හෝති, යදිදං පබ්බජ්ජාධිකරණන්ති.

පින්වත් බ්‍රාහ්මණය, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙසේ ඇති කල්හි මේ පැවිදිබව යන කරුණ එක ජීවිතයකට අදාළ පුණ්‍ය ප්‍රතිපදාවක්ද? අනේක ජීවිතවලටත් අදාළද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ පැවිදි ජීවිතය යන කරුණ අනේක ජීවිතවලට අදාළ වූ පුණ්‍ය ප්‍රතිපදාවක්මයි.”

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ සංගාරවං බ්‍රාහ්මණං ඒතදවෝච: ඉමාසං තේ බ්‍රාහ්මණ, ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති, අප්පට්ඨතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චාති? ඒවං වුත්තේ සංගාරවෝ බ්‍රාහ්මණෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: සෙය්‍යථාපි භවං ගෝතමෝ භවං චානන්දෝ ඒතේ මේ පුජ්ජා, ඒතේ මේ පාසංසාති.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන් සංගාරව බ්‍රාහ්මණයාට මෙකරුණ පැවසුවා. “පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඔය ප්‍රතිපදාවන් දෙකෙන් කවර ප්‍රතිපදාවකටද කැමැති වන්නේ? ප්‍රතිඵල අඩු වූ ප්‍රතිපදාවටද? කරදර අඩු වූ ප්‍රතිපදාවටද? මහත් ඵල සහිත වූ, මහානිසංස වූ ප්‍රතිපදාවකටද?” මෙසේ පැවසූ විට සංගාරව බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කියා සිටියා. “යම්බඳු භවත් ගෞතමයන් වහන්සේත්, භවත් ආනන්දයන් වහන්සේත් වෙත්ද, මුන්වහන්සේලා මා විසින් පිදිය යුතුයි. මුන්වහන්සේලා මා විසින් ප්‍රශංසා කළ යුතුයි.”

දුතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ සංගාරවං බ්‍රාහ්මණං ඒතදවෝච: න ඛෝ ත්‍යාහං බ්‍රාහ්මණ, ඒවං පුච්ඡාමි: කේ වා තේ පුජ්ජා කේ වා තේ පාසංසාති? ඒවඤ්ච ඛෝ ත්‍යාහං බ්‍රාහ්මණ, පුච්ඡාමි: ඉමාසං තේ බ්‍රාහ්මණ, ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති අප්පට්ඨතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චාති? දුතියම්පි ඛෝ සංගාරවෝ බ්‍රාහ්මණෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: සෙය්‍යථාපි භවං ගෝතමෝ භවං චානන්දෝ ඒතේ මේ පුජ්ජා, ඒතේ මේ පාසංසාති.

මෙසේ කී විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් දෙවෙනි වතාවටද සංගාරව බ්‍රාහ්මණයාට මෙකරුණ පැවසුවා. “පින්වත් බ්‍රාහ්මණය, ඔබ විසින් පිදිය යුත්තේ කවුරුද? ඔබ විසින් ප්‍රශංසා කළ යුත්තේ කවුරුද? යන කාරණය මං ඔබෙන් ඇහුවේ නෑ. පින්වත් බ්‍රාහ්මණය, මා ඔබෙන් අසන්නේ මෙන්න මේ කාරණයයි. ඔබ ඔය ප්‍රතිපදාවන් දෙකෙන් කවර ප්‍රතිපදාවකටද කැමැති වන්නේ? ප්‍රතිඵල අඩු වූ ප්‍රතිපදාවටද? කරදර අඩු වූ ප්‍රතිපදාවටද? මහත් ඵල සහිත වූ, මහානිසංස වූ ප්‍රතිපදාවකටද?” මෙසේ පැවසූ විට සංගාරව බ්‍රාහ්මණයා දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කියා සිටියා. “යම්බඳු භවත් ගෞතමයන් වහන්සේත්, භවත් ආනන්දයන් වහන්සේත් වෙත්ද, මුන්වහන්සේලා මා විසින් පිදිය යුතුයි. මුන්වහන්සේලා මා විසින් ප්‍රශංසා කළ යුතුයි.”

තතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ සංගාරවං බ්‍රාහ්මණං ඒතදවෝච: න ඛෝ ත්‍යාහං බ්‍රාහ්මණ, ඒවං පුච්ඡාමි: කේ වා තේ පුජ්ජා කේ වා තේ පාසංසාති? ඒවඤ්ච ඛෝ ත්‍යාහං බ්‍රාහ්මණ, පුච්ඡාමි: ඉමාසං තේ බ්‍රාහ්මණ, ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති. අප්පට්ඨතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චාති?

මෙසේ කී විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් තෙවෙනි වතාවටද සංගාරව බ්‍රාහ්මණයාට මෙකරුණ පැවසුවා. “පින්වත් බ්‍රාහ්මණය, ඔබ විසින් පිදිය යුත්තේ කවුරුද? ඔබ විසින් ප්‍රශංසා කළ යුත්තේ කවුරුද? යන කාරණය මං ඔබෙන් ඇහුවේ නෑ. පින්වත් බ්‍රාහ්මණය, මා ඔබෙන් අසන්නේ මෙන්න මේ කාරණයයි. ඔබ ඔය ප්‍රතිපදාවන් දෙකෙන් කවර ප්‍රතිපදාවකටද කැමැති වන්නේ? ප්‍රතිඵල අඩු වූ ප්‍රතිපදාවටද? කරදර අඩු වූ ප්‍රතිපදාවටද? මහත් ඵල සහිත වූ, මහානිසංස වූ ප්‍රතිපදාවකටද?”

තතියම්පි ඛෝ සංගාරවෝ බ්‍රාහ්මණෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: සෙය්‍යථාපි භවං ගෝතමෝ භවං චානන්දෝ. ඒතේ මේ පුජ්ජා ඒතේ මේ පාසංසාති.

මෙසේ පැවසූ විට සංගාරව බ්‍රාහ්මණයා තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කියා සිටියා. “යම්බඳු භවත් ගෞතමයන් වහන්සේත්, භවත් ආනන්දයන් වහන්සේත් වෙත්ද, මුන්වහන්සේලා මා විසින් පිදිය යුතුයි. මුන්වහන්සේලා මා විසින් ප්‍රශංසා කළ යුතුයි.”

අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: යාවතතියම්පි ඛෝ සංගාරවෝ බ්‍රාහ්මණෝ ආනන්දේන සහධම්මිකං පඤ්හං පුට්ඨෝ සංසාදේති, නෝ විස්සජ්ජේති, යංනූනාහං පරිමෝචෙය්‍යන්ති. අථ ඛෝ භගවා සංගාරවං බ්‍රාහ්මණං ඒතදවෝච: කානුජ්ජ බ්‍රාහ්මණ, රාජන්තේපුරේ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අන්තරා කථා උදපාදීති? අයං ඛ්වජ්ජ භෝ ගෝතම, රාජන්තේපුරේ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අන්තරා කථා උදපාදි: පුබ්බේ සුදං අප්පතරා චේව භික්ඛූ අහේසුං බහුතරා ච උත්තරි මනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සේසුං. ඒතරහි ඛෝ බහුතරා චේව භික්ඛූ අප්පතරා ච උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙන්තීති. අයං ඛ්වජ්ජ භෝ ගෝතම, රාජන්තේපුරේ රාජපරිසායං සන්නිසින්නානං සන්නිපතිතානං අන්තරා කථා උදපාදීති.

එවේලෙහි භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවුනා. ‘සංගාරව බ්‍රාහ්මණයා තුන්වරක් දක්වාම ආනන්දයන් විසින් කරුණු සහිතව අසන්නා වූ ප්‍රශ්නය හිර කරනවා. විසඳන්නේ නෑ. මා මෙයට මැදිහත්ව මේ අවුල බේරන්නට ඕන.’ ඉතින් භාග්‍යවතුන් වහන්සේ සංගාරව බ්‍රාහ්මණයාට මෙකරුණ පැවසුවා. “පින්වත් බ්‍රාහ්මණය, අද රජුගේ ඇතුළු නුවර රැස්ව සිටියා වූ රජ පිරිස් අතර මොන වගේ අතුරු කථාවක්ද ඇතිවුනේ?” “භවත් ගෞතමයන් වහන්ස, අද රජුගේ ඇතුළු නුවර රැස්ව සිටියා වූ රජ පිරිස් අතර මේ අතුරු කථාව ඇතිවුනා. ඒ කියන්නේ ‘ඉස්සර නම් භික්ෂූන් වහන්සේලා ටික නමයි හිටියේ. නමුත් බොහෝ භික්ෂූන් වහන්සේ මිනිස් දහමින් උතුම් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දැක්වූවා. දැන් කාලේ භික්ෂූන් වහන්සේලා බොහෝ සිටියත්, උතුරු මිනිස් දහමින් යුතු ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වන්නේ ස්වල්ප දෙනයි’ කියලා. භවත් ගෞතමයන් වහන්ස, මෙන්න මේ අතුරු කථාව තමයි අද රජුගේ ඇතුළු නුවර රැස්ව සිටියා වූ රජ පිරිස් අතර ඇතිවුනේ.”

තීණි ඛෝ ඉමානි බ්‍රාහ්මණ, පාටිහාරියානි. කතමානි තීණි? ඉද්ධිපාටිහාරියං, ආදේසනාපාටිහාරියං , අනුසාසනීපාටිහාරියං. කතමඤ්ච බ්‍රාහ්මණ, ඉද්ධිපාටිහාරියං? ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති: ඒකෝපි හුත්වා බහුධා හෝති, බහුධාපි හුත්වා ඒකෝ හෝති, ආවීභාවං තීරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝව ගච්ඡති, සෙය්‍යථාපි ආකාසේ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකේ, උදකේපි අභිජ්ජමානේ ගච්ඡති, සෙය්‍යථාපි පඨවියං. ආකාසේපි පල්ලංකේන කමති, සෙය්‍යථාපි පක්ඛී සකුණෝ. ඉමේපි චන්දිමසූරියේ ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ පාණිනා පරිමසති, පරිමජ්ජති. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති. ඉදං වුච්චති බ්‍රාහ්මණ, ඉද්ධිපාටිහාරියං.

“පින්වත් බ්‍රාහ්මණය, මෙම ප්‍රාතිහාර්යයන් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? ඉර්ධි ප්‍රාතිහාර්යයත්, ආදේසනා ප්‍රාතිහාර්යයත්, අනුසාසනී ප්‍රාතිහාර්යයත්ය. පින්වත් බ්‍රාහ්මණය, ඉර්ධි ප්‍රාතිහාර්යය කියන්නේ කුමක්ද? පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් කෙනෙක් අනේක ප්‍රකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා. ඒ කියන්නේ තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක්ව පෙනී සිටිනවා. පෙනෙන්ට සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසළන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ ගමන් යනවා. මේසා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමදිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකට තමයි ඉර්ධි ප්‍රාතිහාර්යය කියල කියන්නේ.

කතමඤ්ච බ්‍රාහ්මණ, ආදේසනාපාටිහාරියං? ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ නිමිත්තේන ආදිසති: ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉතිපි තේ චිත්තන්ති. සෝ බහුං චේපි ආදිසති, තථේව තං හෝති, නෝ අඤ්ඤථා.

පින්වත් බ්‍රාහ්මණ්‍ය. ආදේශනා ප්‍රාතිහාර්යය කියන්නේ මොකක්ද? බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් කෙනෙක් නිමිත්තෙන් කරුණු දක්වනවා. ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා. ඔහු බොහෝ සෙයින්ම කරුණු දක්වනවා. ඒ විදිහටමයි එය වෙන්නේ. වෙනත් විදිහකට නොවෙයි.

ඉධ පන බ්‍රාහ්මණ, ඒකච්චෝ නහේව ඛෝ නිමිත්තේන ආදිසති, අපි ච ඛෝ මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති: ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉතිපි තේ චිත්තන්ති. සෝ බහුං චේපි ආදිසති, තථේව තං හෝති, නෝ අඤ්ඤථා.

පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් කෙනෙක් නිමිත්තෙන් කරුණු දක්වන්නේ නෑ. නමුත් මනුෂ්‍යයින්ගේ හෝ අමනුෂ්‍යයින්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්දය අසා කරුණු දක්වනවා. ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා. ඔහු බොහෝ සෙයින්ම කරුණු දක්වනවා. ඒ විදිහටමයි එය වෙන්නේ. වෙනත් විදිහකට නොවෙයි.

ඉධ පන බ්‍රාහ්මණ, ඒකච්චෝ නහේව ඛෝ නිමිත්තේන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති, අපි ච ඛෝ විතක්කයතෝ විචාරයතෝ විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති: ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉතිපි තේ චිත්තන්ති. සෝ බහුං චේපි ආදිසති, තථේව තං හෝති, නෝ අඤ්ඤථා.

පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් කෙනෙක් නිමිත්තෙන් කරුණු දක්වන්නේ නෑ. ඒ වගේම මනුෂ්‍යයින්ගේ හෝ අමනුෂ්‍යයින්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්දය අසා කරුණු දක්වන්නේ නෑ. නමුත් විතර්ක කරන, අරමුණුවල සිත හසුරුවන කෙනෙකුගේ ඒ විතක්කවිප්ඵාර ශබ්දය අසා කරුණු දක්වනවා. ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා. ඔහු බොහෝ සෙයින්ම කරුණු දක්වනවා. ඒ විදිහටමයි එය වෙන්නේ. වෙනත් විදිහකට නොවේ.

ඉධ පන බ්‍රාහ්මණ, ඒකච්චෝ නහේව ඛෝ නිමිත්තේන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති, නපි විතක්කයතෝ විචාරයතෝ විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති: අපි ච ඛෝ අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චේතසා චේතෝ පරිච්ච පජානාති: යථා ඉමස්ස භෝතෝ මනෝසංඛාරා පණිහිතා, ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. සෝ බහුං චේපි ආදිසති. තථේව තං හෝති, නෝ අඤ්ඤථා. ඉදං වුච්චති බ්‍රාහ්මණ, ආදේසනාපාටිහාරියං.

පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් කෙනෙක් නිමිත්තෙන් කරුණු දක්වන්නේ නෑ. ඒ වගේම මනුෂ්‍යයින්ගේ හෝ අමනුෂ්‍යයින්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්දය අසා කරුණු දක්වන්නේ නෑ. ඒ වගේම විතර්ක කරන, අරමුණුවල සිත හසුරුවන කෙනෙකුගේ ඒ විතක්කවිප්ඵාර ශබ්දය අසා කරුණු දක්වන්නෙත් නෑ. නමුත් විතර්ක රහිත, විචාර රහිත සමාධියකට සමවැදී තම සිතින් තව කෙනෙකුගේ සිත පිරිසිඳ දැනගන්නවා. මේ භවතාණන්ගේ මනෝ සංස්කාර යම් අයුරකින් පිහිටා ඇද්ද, ඒ නිසා මේ සිතට අනතුරුව අසවල් විතර්කය තමයි විතර්ක කරන්නේ. ඔහු බොහෝ සෙයින්ම කරුණු දක්වනවා. ඒ විදිහටමයි එය වෙන්නේ. වෙනත් විදිහකට නොවේ. පින්වත් බ්‍රාහ්මණය, මෙයට තමයි කියන්නේ ආදේශනා ප්‍රාතිහාර්යය කියලා.

කතමඤ්ච බ්‍රාහ්මණ, අනුසාසනීපාටිහාරියං? ඉධ බ්‍රාහ්මණ, ඒකච්චෝ ඒවමනුසාසති: ඒවං විතක්කේථ, මා ඒවං විතක්කයිත්ථ, ඒවං මනසි කරෝථ, මා ඒවං මනසාකත්ථ, ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති. ඉදං වුච්චති බ්‍රාහ්මණ, අනුසාසනීපාටිහාරියං. ඉමානි ඛෝ බ්‍රාහ්මණ, තීණි පාටිහාරියානි. ඉමේසං තේ බ්‍රාහ්මණ, තිණ්ණං පාටිහාරියානං කතමං පාටිහාරියං ඛමති අභික්කන්තතරඤ්ච පණීතතරඤ්චාති?

පින්වත් බ්‍රාහ්මණය, අනුශාසනී ප්‍රාතිහාර්යය කියන්නේ මොකක්ද? පින්වත් බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව මේ විදිහට අනුශාසනා කරනවා. ‘මේ අයුරින් කල්පනා කරන්න. මේ අයුරින් කල්පනා කරන්න එපා. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේ දේ අත්හරින්න. මේ දේ උපදවාගෙන වාසය කරන්න’ කියලා. පින්වත් බ්‍රාහ්මණය, මේකට තමයි අනුශාසනා ප්‍රාතිහාර්යය කියල කියන්නේ. පින්වත් බ්‍රාහ්මණ්‍ය, මේ තමයි ප්‍රාතිහාර්යය තුන. ඉතින් මේ ප්‍රාතිහාර්යය තුනෙන් වඩාත් සුන්දර යැයි, වඩාත් උසස් යැයි කියා ඔබ කැමැති වන්නේ කවර ප්‍රාතිහාර්යයකටද?”

තත්‍ර භෝ ගෝතම, යදිදං පාටිහාරියං ඉධේකච්චෝ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති ….(පෙ)…. යාව බ්‍රාහ්මලෝකාපි කායේන වසං වත්තේති. ඉදං භෝ ගෝතම, පාටිහාරියං යෝව නං කරෝති, සෝව නං පටිසංවේදේති, යෝව නං කරෝති තස්සේව තං හෝති. ඉදං මේ භෝ ගෝතම, පාටිහාරියං මායාසහධම්මරූපං විය ඛායති.

“භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් කෙනෙක් අනේක ප්‍රකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවාද, ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවාද යන මේ ප්‍රාතිහාර්යයක් ඇද්ද, භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්යය යමෙක් කරනවා නම්, ඔහු විඳින්නෙත් එයයි. යමෙක් ඒකම කරනවා නම්, ඔහුට ඒ විදිහටමයි වෙන්නේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්ය පිළිබඳව මට නම් වැටහෙන්නේ මායාකාරී ස්වභාවයෙන් යුතු දෙයක් හැටියටයි.

යම්පිදං භෝ ගෝතම, පාටිහාරියං ඉධේකච්චෝ නිමිත්තේන ආදිසති: ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉතිපි තේ චිත්තන්ති සෝ බහුං චේපි ආදිසති, තථේව තං හෝති, නෝ අඤ්ඤථා. ඉධ පන භෝ ගෝතම, ඒකච්චෝ නහේව ඛෝ නිමිත්තේන ආදිසති, අපි ච ඛෝ මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති: ….(පෙ)…. අපි ච ඛෝ විතක්කයතෝ විචාරයතෝ විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති ….(පෙ)…. නපි විතක්කයතෝ නපි විචාරයතෝ විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති, අපි ච ඛෝ අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චේතසා චේතෝ පරිච්ච පජානාති: යථා ඉමස්ස භෝතෝ මනෝසංඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. සෝ බහුං චේපි ආදිසති, තථේව තං හෝති, නෝ අඤ්ඤථා. ඉදම්පි භෝ ගෝතම, පාටිහාරියං යෝව නං කරෝති සෝව නං පටිසංවේදේති. යෝව නං කරෝති, තස්සේව තං හෝති. ඉදම්පි භෝ ගෝතම, පාටිහාරියං මායාසහධම්මරූපං විය ඛායති.

භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ප්‍රාතිහාර්යයක් තියෙනවා නෙව. ඒ කියන්නේ මෙහිලා ඇතැම් කෙනෙක් නිමිත්තෙන් කරුණු දක්වනවා. ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා. ඔහු බොහෝ සෙයින්ම කරුණු දක්වනවා. ඒ විදිහටමයි එය වෙන්නේ. වෙනත් විදිහකට නොවෙයි. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් කෙනෙක් නිමිත්තෙන් කරුණු දක්වන්නේ නෑ. නමුත් මනුෂ්‍යයින්ගේ හෝ අමනුෂ්‍යයින්ගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්දය අසා කරුණු දක්වනවා. ඒ වගේම විතර්ක කරන, අරමුණුවල සිත හසුරුවන කෙනෙකුගේ ඒ විතක්කවිප්ඵාර ශබ්දය අසා කරුණු දක්වනවා. ….(පෙ)…. ඒ වගේම විතර්ක කරන, අරමුණුවල සිත හසුරුවන කෙනෙකුගේ ඒ විතක්කවිප්ඵාර ශබ්දය අසා කරුණු දක්වන්නෙත් නෑ. නමුත් විතර්ක රහිත, විචාර රහිත සමාධියකට සමවැදී තම සිතින් තව කෙනෙකුගේ සිත පිරිසිඳ දැනගන්නවා. මේ භවතාණන්ගේ මනෝ සංස්කාර යම් අයුරකින් පිහිටා ඇද්ද, ඒ නිසා මේ සිතට අනතුරුව අසවල් විතර්කය තමයි විතර්ක කරන්නේ. ඔහු බොහෝ සෙයින්ම කරුණු දක්වනවා. ඒ විදිහටමයි එය වෙන්නේ. වෙනත් විදිහකට නොවේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්යය යමෙක් කරනවා නම්, ඔහු විඳින්නෙත් එයයි. යමෙක් ඒකම කරනවා නම්, ඔහුට ඒ විදිහටමයි වෙන්නේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්ය පිළිබඳව මට නම් වැටහෙන්නේ මායාකාරී ස්වභාවයෙන් යුතු දෙයක් හැටියටයි.

යඤ්ච ඛෝ ඉදං භෝ ගෝතම, පාටිහාරියං ඉධේකච්චෝ ඒවමනුසාසති: ඒවං විතක්කේථ, මා ඒවං විතක්කයිත්ථ, ඒවං මනසි කරෝථ, මා ඒවං මනසාකත්: ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති. ඉදමේව භෝ ගෝතම, පාටිහාරියං ඛමති ඉමේසං තිණ්ණං පාටිහාරියානං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.

භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ප්‍රාතිහාර්යයක් තියෙනවා නෙව. ඒ කියන්නේ මෙහිලා කෙනෙක් මේ විදිහට අනුශාසනා කරනවා. ‘මේ අයුරින් කල්පනා කරන්න. මේ අයුරින් කල්පනා කරන්න එපා. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේ දේ අත්හරින්න. මේ දේ උපදවාගෙන වාසය කරන්න’ කියලා. භවත් ගෞතමයන් වහන්ස, ඔය ප්‍රාතිහාර්යය තුනෙන්ම වඩාත් සුන්දරයි කියලා, වඩාත් උසස් කියලා මා කැමැති වන්නේ මෙයටයි.

අච්ඡරියං භෝ ගෝතම, අබ්භුතං භෝ ගෝතම, යාව සුභාසිතමිදං භෝතා ගෝතමේන ඉමේහි ච මයං තීහි පාටිහාරියේහි සමන්නාගතං භවන්තං ගෝතමං ධාරේම. භවංහි ගෝතමෝ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති ….(පෙ)…. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති. භවංහි ගෝතමෝ අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චේතසා චේතෝ පරිච්ච පජානාති යථා ඉමස්ස භෝතෝ මනෝසංඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. භවංහි ගෝතමෝ ඒවමනුසාසති: ඒවං විතක්කේථ, මා ඒවං විතක්කයිත්ථ, ඒවං මනසි කරෝථ, මා ඒවං මනසාකත්ථ. ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි. භවත් ගෞතමයන් වහන්ස, ඉාත පුදුම සහගතයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් මොනතරම් සුභාෂිත වූ දෙයක්ද වදාළේ. අපි භවත් ගෞතමයන් වහන්සේ ඔය ප්‍රාතිහාර්යය තුනෙන්ම සමන්විත බවයි දරාගෙන ඉන්නේ. ඇත්තෙන්ම භවත් ගෞතමයන් වහන්සේ අනේක ප්‍රකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා, ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා. ඇත්තෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විතර්ක රහිත, විචාර රහිත සමාධියකට සමවැදී තම සිතින් තව කෙනෙකුගේ සිත පිරිසිඳ දැනගන්නවා. මේ භවතාණන්ගේ මනෝ සංස්කාර යම් අයුරකින් පිහිටා ඇද්ද, ඒ නිසා මේ සිතට අනතුරුව අසවල් විතර්කය තමයි විතර්ක කරන්නේ. ඇත්තෙන්ම භවත් ගෞතමයන් වහන්සේ මේ විදිහට අනුශාසනා කරනවා. ‘මේ අයුරින් කල්පනා කරන්න. මේ අයුරින් කල්පනා කරන්න එපා. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේ දේ අත්හරින්න. මේ දේ උපදවාගෙන වාසය කරන්න’ කියලා.”

අද්ධා ඛෝ ත්‍යාහං බ්‍රාහ්මණ, ආසජ්ජ උපනීයවාචා භාසිතා, අපි ච ත්‍යාහං ව්‍යාකරිස්සාමි. අහං හි බ්‍රාහ්මණ, අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝමි ….(පෙ)…. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේමි. අහං හි බ්‍රාහ්මණ, අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චේතසා චේතෝ පරිච්ච පජානාමි, යථා ඉමස්ස භෝතෝ මනෝසංඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුන්නාම විතක්කං විතක්කිස්සතීති. අහං හි බ්‍රාහ්මණ, ඒවමනුසාසාමි: ඒවං විතක්කේථ, මා ඒවං විතක්කයිත්ථ. ඒවං මනසි කරෝථ, මා ඒවං මනසාකත්ථ. ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථාති.

“පින්වත් බ්‍රාහ්මණය, ඒකාන්තයෙන්ම ඔබ විසින් මා කෙරෙහිම කරුණු ගලපා පැවසුවා නේද? එසේ වී නමුත් මම ඔබට එයද පවසන්නම්. පින්වත් බ්‍රාහ්මණය, මා අනේක ප්‍රකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා, ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මා විතර්ක රහිත, විචාර රහිත සමාධියකට සමවැදී තම සිතින් තව කෙනෙකුගේ සිත පිරිසිඳ දැනගන්නවා. මේ භවතාණන්ගේ මනෝ සංස්කාර යම් අයුරකින් පිහිටා ඇද්ද, ඒ නිසා මේ සිතට අනතුරුව අසවල් විතර්කය තමයි විතර්ක කරන්නේ කියලා. පින්වත් බ්‍රාහ්මණය, මා මේ විදිහට අනුශාසනා කරනවා. ‘මේ අයුරින් කල්පනා කරන්න. මේ අයුරින් කල්පනා කරන්න එපා. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේ දේ අත්හරින්න. මේ දේ උපදවාගෙන වාසය කරන්න’ කියලා.”

අත්ථි පන භෝ ගෝතම, අඤ්ඤෝ ඒකභික්ඛුපි යෝ ඉමේහි තීහි පාටිහාරියේහි සමන්නාගතෝ අඤ්ඤත්‍ර භෝතා ගෝතමේනාති? න ඛෝ බ්‍රාහ්මණ, ඒකඤ්ඤේව සතං, න ද්වේ සතානි, න තීණි සතානි, න චත්තාරි සතානි, න පඤ්ච සතානි. අථ ඛෝ භිය්‍යෝව යේ භික්ඛූ ඉමේහි තීහි පාටිහාරියේහි සමන්නාගතාති. කහං පන භෝ ගෝතම, ඒතරහි තේ භික්ඛූ විහරන්තීති? ඉමස්මිංයේව ඛෝ බ්‍රාහ්මණ, භික්ඛුසංඝේති.

“භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ හැරුණු කොට ඔය ප්‍රාතිහාර්ය තුනෙන් සමන්විත වූ තවත් එක භික්ෂුවක් හෝ ඉන්නවාද?” “පින්වත් බ්‍රාහ්මණය, භික්ෂූන් එක් සියයක්ම නොවේ, දෙසීයකුත් නොවේ, තුන්සියයකුත් නොවේ, හාරසියයකුත් නොවේ, පන්සියයකුත් නොවේ. ඔය ප්‍රාතිහාර්ය තුනෙන් සමන්විත වූ බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්නවා.” “භවත් ගෞතමයන් වහන්ස, දැන් ඒ භික්ෂූන් වහන්සේලා වැඩසිටිනේනේ කොහේද?” “පින්වත් බ්‍රාහ්මණය, මේ භික්ෂුසංඝයා අතරේමයි.”

අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගෙන වදාරණ සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

බ්‍රාහ්මණවග්ගෝ පඨමෝ.

පළමුවෙනි බ්‍රාහ්මණ වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M