සැවැත් නුවරදී………….
පින්වත් මහණෙනි, යම් පවුල්වල දූදරුවන්ගේ මව්පියෝ තම නිවසේදීම පිදුම් ලබනවා නම් ඒ පවුල් සිටින්නේ බ්‍රහ්මයන් සහිතවයි. පින්වත් මහණෙනි, යම් පවුල්වල දූදරුවන්ගේ මව්පියෝ තම නිවසේදීම පිදුම් ලබනවා නම් ඒ පවුල් සිටින්නේ පූර්ව ආචාර්යවරු සහිතවයි. පින්වත් මහණෙනි, යම් පවුල්වල දූදරුවන්ගේ මව්පියෝ තම නිවසේදීම පිදුම් ලබනවා නම් ඒ පවුල් සිටින්නේ දුර සිට නමුත් රැගෙන එන ආහාරපානාදියෙන් උපස්ථාන ලැබිය යුතු උතුමන් සහිතවයි. පින්වත් මහණෙනි, ‘බ්‍රහ්මයෝ’ යන නාමය මව්පියන්ට කියන නමක්. ‘පූර්ව ආචාර්යවරු’ යන මේ නාමය මව්පියන්ට කියන නමක්. ‘දුර සිට නමුත් රැගෙන එන ආහාරපානාදියෙන් උපස්ථාන ලැබිය යුතු උතුමන්’ යන මේ නාමය මව්පියන්ට කියන නමක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, දූදරුවන්ට මව්පියෝ තමයි බොහෝ උපකාරී වන්නේ. ඒ දෙමාපියෝ දූදරුවන්ව බිහි කරනවා. පෝෂණය කරනවා. මේ ලෝකයෙහි ජීවත් වෙන හැටි පෙන්වා දෙනවා.
මව්පියවරු වනාහී බ්‍රහ්මයෝය. පූර්ව අචාර්යවරු කියල කියන්නේ ඔවුන්ටයි. දූදරුවන්ට අනුකම්පා දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිට නමුත් ආහාරපාන රැගෙනවිත් උපස්ථාන ලැබීමට සුදුසුයි.
එනිසා නුවණැති පුද්ගලයා ඒ දෙමාපියන්ව නමදිනවා. ආහාරපාන ආදියෙන් ඇඳුම් පැළඳුම්වලින් ඇදපුටු ආදියෙන් උපස්ථාන කරන අතරේ ඇඟපත පිරිමැද පිරිසිදු කිරීම්, නැහැවීම්, පා දෝවනය කිරීම් ආදියත් කරනවා.
මව්පියන් උදෙසා එවැනි ඇප උපස්ථානවල යෙදෙන දරුවා පිළිබඳව නුවණැත්තෝ මෙලොවදීම ප්‍රශංසා කරනවා. ඒ දරුවන් මරණින් පසු පරලොවදී සුගතියෙහි ඉපිද සතුටු වෙනවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M