අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.3.2.

තයෝ’මේ භික්ඛවේ, ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ ගිලානෝ ලභන්තෝ වා සප්පායානි භෝජනානි අලභන්තෝ වා සප්පායානි භෝජනානි, ලභන්තෝ වා සප්පායානි භේසජ්ජානි, අලභන්තෝ වා සප්පායානි භේසජ්ජානි, ලභන්තෝ වා පතිරූපං උපට්ඨාකං, අලභන්තෝ වා පතිරූපං උපට්ඨාකං, නේව වුට්ඨාති තම්හා ආබාධා.

පින්වත් මහණෙනි, මේ ලෝකයේ රෝගීන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? පින්වත් මහණෙනි, මෙහි සමහර රෝගියෙක් තම අසනීපයට ගැලපෙන භෝජන ලැබුනත්, අසනීපයට ගැලපෙන භෝජන නො ලැබුනත්, අසනීපයට ගැලපෙන බෙහෙත් ලැබුනත්, අසනීපයට ගැලපෙන බෙහෙත් නො ලැබුනත්, ගැලපෙන උපස්ථායකයෙක් ලැබුනත්, ගැලපෙන උපස්ථායකයෙක් නො ලැබුනත්, ඔහු රෝගයෙන් සුවපත්ව නැගී සිටින්නේ නෑ.

ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ ගිලානෝ ලභන්තෝ වා සප්පායානි භෝජනානි, අලභන්තෝ වා සප්පායානි භෝජනානි, ලභන්තෝ වා සප්පායානි භේසජ්ජානි, අලභන්තෝ වා සප්පායානි භේසජ්ජානි , ලභන්තෝ වා පතිරූපං උපට්ඨාකං, අලභන්තෝ වා පතිරූපං උපට්ඨාකං වුට්ඨාති තම්හා ආබාධා.

පින්වත් මහණෙනි, මෙහි සමහර රෝගියෙක් තම අසනීපයට ගැලපෙන භෝජන ලැබුනත්, අසනීපයට ගැලපෙන භෝජන නො ලැබුනත්, අසනීපයට ගැලපෙන බෙහෙත් ලැබුනත්, අසනීපයට ගැලපෙන බෙහෙත් නො ලැබුනත්, ගැලපෙන උපස්ථායකයෙක් ලැබුනත්, ගැලපෙන උපස්ථායකයෙක් නො ලැබුනත්, ඔහු රෝගයෙන් සුවපත්ව නැගී සිටිනවා.

ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ ගිලානෝ ලභන්තෝ’ව සප්පායානි භෝජනානි නෝ අලභන්තෝ, ලභන්තේ’ව සප්පායානි භේසජ්ජානි නෝ අලභන්තෝ, ලභන්තෝ’ව පතිරූපං උපට්ඨාකං නෝ අලභන්තෝ, වුට්ඨාති තම්හා ආබාධා.

පින්වත් මහණෙනි, මෙහි සමහර රෝගියෙක් තම අසනීපයට ගැලපෙන භෝජන නො ලැබුනොත් නොව ලැබුනොත් පමණක්, අසනීපයට ගැලපෙන බෙහෙත් නො ලැබුනත් නොව ලැබුනොත් පමණක්, ගැලපෙන උපස්ථායකයෙක් නො ලැබුනත් නොව ලැබුනොත් පමණක් ඔහු රෝගයෙන් සුවපත්ව නැගී සිටිනවා.

තත්‍ර භික්ඛවේ, ය්වායං ගිලානෝ ලභන්තෝ,ව සප්පායානි භෝජනානි නෝ අලභන්තෝ, ලභන්තෝ,ව සප්පායානි භේසජ්ජානි නෝ අලභන්තෝ, ලභන්තෝ’ව පතිරූපං උපට්ඨාකං නෝ අලභන්තෝ, වුට්ඨාති තම්හා ආබාධා, ඉමං ඛෝ භික්ඛවේ, ගිලානං පටිච්ච ගිලානභත්තං අනුඤ්ඤාතං, ගිලානභේසජ්ජං අනුඤ්ඤාතං, ගිලානුපට්ඨාකෝ අනුඤ්ඤාතෝ. ඉමඤ්ච පන භික්ඛවේ, ගිලානං පටිච්ච අඤ්ඤේපි ගිලානා උපට්ඨාතබ්බා. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං.

පින්වත් මහණෙනි, මෙහි සමහර රෝගියෙක් අසනීපයට ගැලපෙන භෝජන නො ලැබුනොත් නොව ලැබුනෝතින් පමණක්, අසනීපයට ගැලපෙන බෙහෙත් නො ලැබුනොත් නොව ලැබුනෝතින් පමණක්, ගැලපෙන උපස්ථාකයෙක් නො ලැබුනොත් නොව ලැබුනෝතින් පමණක් ඔහු ඒ රෝගයෙන් සුවපත්ව නැගී සිටිනවා නම්, අන්න ඒ ගිලන් පුද්ගලයා වෙනුවෙන් තමයි ගිලන් දානය අනුදැන වදාළේ. ගිලන් බෙහෙත් අනුදැන වදාළේ. ගිලන් උපස්ථායකයෙක් අනුදැන වදාළේ. පින්වත් මහණෙනි, මේ රෝගියා නිසා අන්‍ය රෝගීනුත් උපස්ථාන ලැබිය යුතුයි. පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයෙන් දකින්නට ලැබෙන රෝගීන් තුන් දෙනා.

ඒවමේව ඛෝ භික්ඛවේ, තයෝ මේ ගිලානූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ලභන්තෝ වා තථාගතං දස්සනාය, අලභන්තෝ වා තථාගතං දස්සනාය, ලභන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං සවණාය, අලභන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං සවණාය, නේව ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං.

අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, රෝගීන්ට උපමා කරන්න පුද්ගලයන් තුන් දෙනෙක් මේ ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවු ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට තථාගතයන් වහන්සේව දකින්නට ලැබුනත්, තථාගතයන් වහන්සේව දකින්නට නො ලැබුනත්, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අසන්නට ලැබුනත්, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අසන්නට නො ලැබුනත් ඔහු කුසල් දහම් තුළ මාර්ගඵල අවබෝධය පිණිස සුදුසු තත්වයකට බැසගන්නේ නෑ.

ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ලභන්තෝ වා තථාගතං දස්සනාය, අලභන්තෝ වා තථාගතං දස්සනාය, ලභන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං සවණාය, අලභන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං සවණාය, ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට තථාගතයන් වහන්සේව දකින්නට ලැබුනත්, තථාගතයන් වහන්සේව දකින්නට නො ලැබුනත්, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අසන්නට ලැබුනත්, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අසන්නට නො ලැබුනත් ඔහු කුසල් දහම් තුළ මාර්ගඵල අවබෝධය පිණිස සුදුසු තත්වයකට බැසගන්නවා.

ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ලභන්තෝ’ව තථාගතං දස්සනාය, නෝ අලභන්තෝ, ලභන්තෝ’ව තථාගතප්පවේදිතං ධම්මවිනයං සවණාය නෝ අලභන්තෝ, වොක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං.

පින්වත් මහණෙනි, මෙහි තවත් සමහර කෙනෙක් ඉන්නවා. ඔහු තථාගතයන් වහන්සේව දකින්නට නො ලැබීමෙන් නොව, ලැබීමෙන් ම පමණක් තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අසන්න නො ලැබීමෙන් නොව, ලැබීමෙන් ම පමණක්, කුසල් දහම් තුළ මාර්ගඵල අවබෝධය පිණිස සුදුසු තත්වයට බැසගන්නවා.

තත්‍ර භික්ඛවේ, ය්වායං පුග්ගලෝ ලභන්තෝ’ව තථාගතං දස්සනාය, නෝ අලභන්තෝ, ලභන්තෝ’ව තථාගතප්පවේදිතං ධම්මවිනයං සවණාය, නෝ අලභන්තෝ, වොක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං, ඉමං ඛෝ භික්ඛවේ, පුග්ගලං පටිච්ච ධම්මදේසනා අනුඤ්ඤාතා. ඉමඤ්ච පන භික්ඛවේ, පුග්ගලං පටිච්ච අඤ්ඤේසම්පි ධම්මෝ දේසේතබ්බෝ. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ ගිලානූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේව දකින්න නො ලැබීමෙන් නොව, ලැබීමෙන් ම පමණක්, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අසන්න නො ලැබීමෙන් නොව, ලැබීමෙන් ම පමණක්, කුසල් දහම් තුළ මාර්ගඵල අවබෝධය පිණිස සුදුසු තත්වයකට බැසගන්නවා නම්, අන්න ඔහු වෙනුවෙන් තමයි ධර්මය දේශනා කිරීම අනුදැන වදාළේ. පින්වත් මහණෙනි, මේ පුද්ගලයා උදෙසා ම තමයි අනෙක් අයටත් ධර්මය දේශනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මේ ලෝකයේ ගිලනුන්ට උපමා කළ හැකි මේ පුද්ගලයින් තුන්දෙනා දකින්නට ලැබෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M