අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.3.1.

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති, ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ ආයස්මා ච සවිට්ඨෝ ආයස්මා ච මහාකොට්ඨිතෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං සවිට්ඨං ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සවිට්ඨ තෙරුන් වහන්සේත්, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේත්, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ළඟට වැඩම කළා. වැඩම කොට ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු සිහි කළ යුතු කථා බහ අවසන් කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ට, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් මේ විදිහට පැවසුවා.

තයෝ’මේ ආවුසෝ සවිට්ඨ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? කායසක්ඛී දිට්ඨප්පත්තෝ, සද්ධාවිමුත්තෝ. ඉමේ ඛෝ ආවුසෝ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. ඉමේසං ආවුසෝ, තිණ්ණං පුග්ගලානං කතමෝ තේ පුග්ගලෝ ඛමති අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන පුද්ගලයන් ය. ප්‍රිය ආයුෂ්මතුනි, මේ තමයි මේ ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයන් තුන් දෙනා ගෙන් ඔබ වඩාත් කැමැති වන්නේ, වඩාත් ශ්‍රේෂ්ඨ යැයි සිතන්නේ කවර පුද්ගලයෙක් ගැනද?”

තයෝ’මේ ආවුසෝ සාරිපුත්ත, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? කායසක්ඛී, දිට්ඨප්පත්තෝ, සද්ධාවිමුත්තෝ. ඉමේ ඛෝ ආවුසෝ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. ඉමේසං ආවුසෝ, තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලෝ සද්ධාවිමුත්තෝ, අයං මේ පුග්ගලෝ ඛමති, ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච, පණීතතරෝ ච. තං කිස්ස හේතු? ඉමස්ස ආවුසෝ, පුග්ගලස්ස සද්ධින්ද්‍රියං අධිමත්තන්ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා කවුද? කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන පුද්ගලයන් ය. ප්‍රිය ආයුෂ්මතුනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයන් තුන් දෙනාගෙන් යම් ඒ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත නම්, අන්න ඒ පුද්ගලයා තමයි මේ පුද්ගලයන් තුන් දෙනා අතුරින් වඩාත්ම හොඳයි, වඩාත්ම විශිෂ්ටයි කියලා මම කැමති වෙන්නේ. ඒකට හේතුව මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඉතා බලවත් නිසයි.

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහාකොට්ඨිතං ඒතදවෝච: “තයෝ මේ ආවුසෝ කොට්ඨිත, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං . කතමේ තයෝ? කායසක්ඛී, දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ. ඉමේ ඛෝ ආවුසෝ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. ඉමේසං ආවුසෝ, තිණ්ණං පුග්ගලානං කතමෝ තේ පුග්ගලෝ ඛමති, අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

එතකොට ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් හට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන පුද්ගලයන් ය. ප්‍රිය ආයුෂ්මතුනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයන් තුන් දෙනා ගෙන් ඔබ වඩාත් කැමැති වන්නේ, වඩාත් ශ්‍රේෂ්ඨ යැයි සිතන්නේ කවර පුද්ගලයෙක් ගැනද?”

තයෝ’මේ ආවුසෝ සාරිපුත්ත, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? කායසක්ඛී, දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ. ඉමේ ඛෝ ආවුසෝ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. ඉමේසං ආවුසෝ, තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලෝ කායසක්ඛී, අයං මේ පුග්ගලෝ ඛමති ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච පණීතතරෝ ච. තං කිස්ස හේතු? ඉමස්ස ආවුසෝ, පුග්ගලස්ස සමාධින්ද්‍රියං අධිමත්තන්ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන පුද්ගලයන් ය. ප්‍රිය ආයුෂ්මතුනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයන් තුන් දෙනා ගෙන් යම් ඒ පුද්ගලයෙක් කායසක්ඛී නම්, අන්න ඒ පුද්ගලයා තමයි මේ පුද්ගලයන් තුන් දෙනා අතුරින් වඩාත්ම හොඳයි, වඩාත්ම විශිෂ්ටයි කියලා මම කැමැති වෙන්නේ. ඒකට හේතුව මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයාගේ සමාධි ඉන්ද්‍රිය ඉතා බලවත් නිසයි.”

අථ ඛෝ ආයස්මා මහාකොට්ඨිතෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච: “තයෝමේ ආවුසෝ සාරිපුත්ත, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? කායසක්ඛී , දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ. ඉමේ ඛෝ ආවුසෝ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. ඉමේසං ආවුසෝ, තිණ්ණං පුග්ගලානං කතමෝ තේ පුග්ගලෝ ඛමති අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

එතකොට ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් හට මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන පුද්ගලයන් ය. ප්‍රිය ආයුෂ්මතුනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයන් තුන් දෙනා ගෙන් ඔබ වඩාත් කැමැති වන්නේ, වඩාත් ශ්‍රේෂ්ඨ යැයි සිතන්නේ කවර පුද්ගලයෙක් ගැනද?”

තයෝ’මේ ආවුසෝ කොට්ඨිත, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? කායසක්ඛී, දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ. ඉමේ ඛෝ ආවුසෝ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. ඉමේසං ආවුසෝ, තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලෝ දිට්ඨිප්පත්තෝ, අයං මේ පුග්ගලෝ ඛමති, ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච පණීතතරෝ ච. තං කිස්ස හේතු? ඉමස්ස ආවුසෝ, පුග්ගලස්ස පඤ්ඤින්ද්‍රියං අධිමත්තන්ති.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන පුද්ගලයන් ය. ප්‍රිය ආයුෂ්මතුනි, මේ තමයි මේ ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයන් තුන් දෙනා ගෙන් යම් ඒ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත නම්, අන්න ඒ පුද්ගලයා තමයි මේ පුද්ගලයන් තුන් දෙනා අතුරින් වඩාත්ම හොඳයි, වඩාත්ම විශිෂ්ටයි කියලා මම කැමැති වෙන්නේ. ඒකට හේතුව මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, මේ පුද්ගලයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉතා බලවත් නිසයි.”

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තඤ්ච සවිට්ඨං ආයස්මන්තඤ්ච මහාකොට්ඨිතං ඒතදවෝච: “ව්‍යාකතං ඛෝ ආවුසෝ, අම්හේහි සබ්බේහේව යථාසකං පටිභානං. ආයාමාවුසෝ, යේන භගවා තේනුපසංකමිස්සාම, උපසංකමිත්වා භගවතෝ ඒතමත්ථං ආරෝචෙස්සාම. යථා නෝ භගවා ව්‍යාකරිස්සති, තථා නං ධාරෙස්සාමාති.

ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ටත්, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ටත් මෙය පැවසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, අපි හැමෝම අපට වැටහෙන ආකාරයට ප්‍රකාශ කළා. ප්‍රිය ආයුෂ්මතුනි, වඩිනු මැනැව. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට යමු. ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියමු. එතකොට භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකට නම් වදාරන්නේ, අපි ඒ විදිහට ඔය කාරණාව මතක තබාගනිමු” කියලා.

“ඒවමාවුසෝ”ති ඛෝ ආයස්මා ච සමිද්ධෝ ආයස්මා ච මහාකොට්ඨිතෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. අථ ඛෝ ආයස්මා ච සාරිපුත්තෝ ආයස්මා ච සමිද්ධෝ ආයස්මා ච මහාකොට්ඨිතෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යාවතකෝ අහෝසි ආයස්මතා ච සවිට්ඨේන ආයස්මතා ච මහාකොට්ඨිතේන සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං භගවතෝ ආරෝචේසි.

“එහෙමයි ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් සවිට්ඨ තෙරුනුත්, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුනුත්, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට පිළිතුරු දුන්නා. ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් සවිට්ඨයන් වහන්සේත්, ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, ආයුෂ්මත් සවිට්ඨ තෙරුන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් සමඟ කතා බහ කරපු යම්තාක් දේ තිබුනා නම්, ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට සැළකළා.

න ඛොත්ථ සාරිපුත්ත, සුකරං ඒකංසේන ව්‍යාකාතුං, ‘අයං ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති. ඨානං හේතං සාරිපුත්ත, විජ්ජති, ය්වායං පුග්ගලෝ සද්ධාවිමුත්තෝ ස්වාස්ස අරහත්තාය පටිපන්නෝ, ය්වායං පුග්ගලෝ කායසක්ඛී, ස්වාස්ස සකදාගාමී වා, අනාගාමී වා. යෝ චායං පුග්ගලෝ දිට්ඨිප්පත්තෝ, සෝපස්ස සකදාගාමී වා, අනාගාමී වා. න ඛොත්ථ සාරිපුත්ත, සුකරං, ඒකංසේන ව්‍යාකාතුං, අයං ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

පින්වත් සාරිපුත්ත, මේ පුද්ගලයන් තුන් දෙනා අතරෙන් මේ පුද්ගලයා තමයි වඩාත්ම හොඳ, වඩාත්ම විශිෂ්ට කියලා ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරන එක ලෙහෙසි නෑ. පින්වත් සාරිපුත්ත, මෙන්න මේ කාරණයත් දකින්න තියෙනවා. යම් මේ සද්ධාවිමුත්ත පුද්ගලයෙක් ඉන්නවා, එක්කෝ ඔහු රහතන් වහන්සේ නමක්. එහෙම නැත්නම් අරහත්වය පිණිස මාර්ගය වඩනවා. යම් මේ කායසක්ඛී පුද්ගලයෙක් ඉන්නවාද, ඔහු එක්කෝ සකදාගාමියි. නැත්නම් අනාගාමියි. යම් මේ දිට්ඨප්පත්ත පුද්ගලයෙක් ඉන්නවාද, ඔහුත් එක්කෝ සකදාගාමියි. නැත්නම් අනාගාමියි. පින්වත් සාරිපුත්ත, එතකොට මේ පුද්ගලයන් තුන්දෙනා අතරින්, මෙන්න මේ පුද්ගලයා තමයි වඩාත්ම හොඳ, වඩාත්ම විශිෂ්ට කියලා ඒකාන්ත කරලා ප්‍රකාශ කරන එක ලෙහෙසි නෑ.

ඨානං හේතං සාරිපුත්ත, විජ්ජති, ය්වායං පුග්ගලෝ කායසක්ඛී ස්වාස්ස අරහත්තාය පටිපන්නෝ. ය්වායං පුග්ගලෝ සද්ධාවිමුත්තෝ, ස්වාස්ස සකදාගාමී වා, අනාගාමී වා. යෝ චායං පුග්ගලෝ දිට්ඨිප්පත්තෝ, සෝ පස්ස සකදාගාමී වා අනාගාමී වා. න ඛොත්ථ සාරිපුත්ත, සුකරං ඒකංසේන ව්‍යාකාතුං, අයං ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

පින්වත් සාරිපුත්ත, මෙන්න මේ කාරණයත් දකින්න තියෙනවා. යම් මේ කායසක්ඛී පුද්ගලයෙක් ඉන්නවා, එක්කෝ ඔහු රහතන් වහන්සේ නමක්. එහෙම නැත්නම් අරහත්වය පිණිස මාර්ගය වඩනවා. යම් සද්ධාවිමුත්ත පුද්ගලයෙක් ඉන්නවාද, ඔහු එක්කෝ සකදාගාමියි. නැත්නම් අනාගාමියි. යම් මේ දිට්ඨප්පත්ත පුද්ගලයෙක් ඉන්නවාද, ඔහුත් එක්කෝ සකදාගාමියි. නැත්නම් අනාගාමියි. පින්වත් සාරිපුත්ත, එතකොට මේ පුද්ගලයන් තුන්දෙනා අතරින්, මෙන්න මේ පුද්ගලයා තමයි වඩාත්ම හොඳ, වඩාත්ම විශිෂ්ට කියලා ඒකාන්ත කරලා ප්‍රකාශ කරන එක ලෙහෙසි නෑ.

ඨානං හේතං සාරිපුත්ත, විජ්ජති, ය්වායං පුග්ගලෝ දිට්ඨිප්පත්තෝ ස්වාස්ස අරහා, වා අරහත්තාය පටිපන්නෝ, ය්වායං පුග්ගලෝ සද්ධාවිමුත්තෝ, ස්වාස්ස සකදාගාමී වා, අනාගාමී වා, යෝ චායං පුග්ගලෝ කායසක්ඛී, සෝපස්ස. සකදාගාමී වා අනාගාමී වා. න ඛොත්ථ සාරිපුත්ත, සුකරං, ඒකංසේන ව්‍යාකාතුං, අයං ඉමේසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරෝ ච පණීතතරෝ චාති.

පින්වත් සාරිපුත්ත, මෙන්න මේ කාරණයත් දකින්න තියෙනවා. යම් මේ දිට්ඨප්පත්ත පුද්ගලයෙක් ඉන්නවා, එක්කෝ ඔහු රහතන් වහන්සේ නමක්. එහෙම නැත්නම් අරහත්වය පිණිස මාර්ගය වඩනවා. යම් මේ සද්ධාවිමුත්ත පුද්ගලයෙක් ඉන්නවාද, ඔහු එක්කෝ සකදාගාමියි. නැත්නම් අනාගාමියි. යම් මේ කායසක්ඛී පුද්ගලයෙක් ඉන්නවාද, ඔහුත් එක්කෝ සකදාගාමියි. නැත්නම් අනාගාමියි. පින්වත් සාරිපුත්ත, එතකොට මේ පුද්ගලයන් තුන්දෙනා අතරින්, මෙන්න මේ පුද්ගලයා තමයි වඩාත්ම හොඳ, වඩාත්ම විශිෂ්ට කියලා ඒකාන්ත කරලා ප්‍රකාශ කරන එක ලෙහෙසි නෑ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M