සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.4. චේතෝපරිය සුත්තං

8.2.4. අන්‍යයන්ගේ සිත් දැනීම ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දනිමි. සරාගී හෝ සිත සරාගී සිත යැයි දනිමි. වීතරාගී හෝ සිත වීතරාගී සිත යැයි දනිමි. ….(පෙ)…. කෙලෙසුන්ගෙන් නොමිදුණු හෝ සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත යැයි දනිමි. කෙලෙසුන්ගෙන් මිදුණු හෝ සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිත යැයි දනිමි.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M