සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.2. ඉද්ධිවිධ සුත්තං

8.2.2. ඉර්ධිවිධීන් ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් අනේකප්‍රකාර ඉර්ධිවිධීන් අත්දකිමි. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටිමි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටිමි. ප්‍රකටවත් අප්‍රකටවත් සිටිමි. බිත්ති හරහා යමි, ප්‍රාකාරය හරහා යමි, පර්වත හරහා යමි, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යමි. පොළොවෙහි යටට කිමිදෙමි. උඩට මතුවෙමි. ජලයෙහි සේ ය. නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන යමි. පොළොවෙහි යන සේ ය. පළඟක් බැඳ අහසින් යමි. පක්ෂි ලිහිණියෙකු සේ ය. මෙබඳු මහත් ඉර්ධි ඇති, මෙබඳු මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරමි. පිරිමදිමි. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වමි.”

සාදු! සාදු!! සාදු!!!

ඉද්ධිවිධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M