මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉර්ධි දැක්වීම් සම්පූර්ණ වශයෙන් උපදවා ගත්තාහු නම්, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් එසේ කළහ.
මහණෙනි, අනාගතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉර්ධි දැක්වීම් සම්පූර්ණ වශයෙන් උපදවා ගන්නාහු නම්, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් එසේ කරන්නාහ.
මහණෙනි, මෙකල්හි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉර්ධි දැක්වීම් සම්පූර්ණ වශයෙන් උපදවා ගනිත් නම්, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් එසේ කරති.
ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.
මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉර්ධි දැක්වීම් සම්පූර්ණ වශයෙන් උපදවා ගත්තාහු නම්, ඒ සියල්ලෝ මේ සතර ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් එසේ කළහ. මහණෙනි, අනාගතයෙහි ….(පෙ)…. එසේ කරන්නාහ. මහණෙනි, මෙකල්හි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඉර්ධි දැක්වීම් සම්පූර්ණ වශයෙන් උපදවා ගනිත් නම්, ඒ සියල්ලෝ මේ සතර ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් එසේ කරති.
සාදු! සාදු!! සාදු!!!
සමත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M