සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.2.6. දුතිය විත්ථාර සුත්තං

4.2.6. විස්තර වශයෙන් වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්‍රියයෝ ය.

මහණෙනි, මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණයෙන් පරිපූර්ණ කළ බැවින් අරහත් වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී අන්තරා පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී උපහච්ච පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී අසංඛාර පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී සසංඛාර පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සකදාගාමී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සෝවාන් වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී ධම්මානුසාරී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී ශ්‍රද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ ඉන්ද්‍රියයන්ගේ විවිධත්වයෙන්, ඵලයන්ගේ විවිධත්වය ත්, ඵලයන්ගේ විවිධත්වයෙන්, පුද්ගලයන්ගේ විවිධත්වය ත් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය විත්ථාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M