☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්රඥා ඉන්ද්රිය ය. මහණෙනි, යම් කලෙක ආර්ය ශ්රාවකයා මේ පංච ඉන්ද්රියයන්ගේ හටගැනීම ත්, නැතිවීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දනියි ද, මහණෙනි, මේ ආර්ය ශ්රාවකයා අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු වූයේ, නියත වශයෙන් නිවන අවබෝධ කරන්නේ සෝතාපන්න වූයේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සෝත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M