මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයන් වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදුණේ මැනැවින් දුක් ගෙවීමට යන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයන් හරි ලෙස ගත්තේ නම් ඔවුන්ට හරිගියේ මැනැවින් දුක් ගෙවීමට යන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයන් වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදුණේ මැනැවින් දුක් ගෙවීමට යන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයන් හරි ලෙස ගත්තේ නම් ඔවුන්ට හරිගියේ මැනැවින් දුක් ගෙවීමට යන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
සාදු! සාදු!! සාදු!!!
විරද්ධ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M