සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.2.8. ආරද්ධ සුත්තං

2.2.8. හරි ලෙස ගැනීම ගැන වදාළ දෙසුම

මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සප්ත බොජ්ඣංගයන් වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදී ගියේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගය යි.

මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සප්ත බොජ්ඣංගයන් හරි ලෙස ගත්තේ නම් ඔවුන්ට හරි ගියේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගය යි. ඒ කවර සප්ත බොජ්ඣංගයක් ද යත්; එනම්, සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.

මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සප්ත බොජ්ඣංගයන් වරද්දා ගත්තේ නම් ඔවුන්ට වැරදී ගියේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගය යි.

මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සප්ත බොජ්ඣංගයන් හරි ලෙස ගත්තේ නම් ඔවුන්ට හරි ගියේ මැනැවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගය යි.

සාදු! සාදු!! සාදු!!!

ආරද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M