සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.2.2. තථාගත සුත්තං

12.2.2. තථාගතයන් වහන්සේ පිළිබඳ ව වදාළ දෙසුම

‘මෙය දුක නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍යය වනාහී පිරිසිඳ අවබෝධය කළ යුත්තේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍යය වනාහී පිරිසිඳ අවබෝධය කරන ලද්දේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘මෙය දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රහාණය කළ යුත්තේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රහාණය කරන ලද්දේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය වනාහී සාක්ෂාත් කළ යුත්තේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය වනාහී සාක්ෂාත් කරන ලද්දේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රගුණ කළ යුත්තේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

‘ඒ මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රගුණ කරන ලද්දේ ය’ යි මහණෙනි, තථාගතයන් හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

සාදු! සාදු!! සාදු!!!

තථාගත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M