☰
මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ….(පෙ)….
“මහණෙනි, සමාධිය දියුණු කරව්. මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව ඇත්ත ඒ වූ සැටියෙන් ම දැනගනියි. ඒ වූ සැටියෙන් ම දැනගන්නා වූ ඇත්ත කුමක් ද? මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මෙය දුක් නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මෙය දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මහණෙනි, සමාධිය දියුණු කරව්. මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව ඇත්ත ඒ වූ සැටියෙන් ම දැනගනියි.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M