සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.6.6. දුතිය ඵල සුත්තං

11.6.6. ප්‍රතිඵල ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්; සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්‍රවණය ය. යෝනිසෝ මනසිකාරය ය. ධර්මානුධර්ම ප්‍රතිපදාව ය. මහණෙනි, මේ වනාහී වැඩූ විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවතින සතරක් වූ ධර්මයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ඵල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M