එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී භද්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් භද්දිය ශාක්‍යයා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
භද්දියෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්රාවකයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි. ඒ කවර සතර ධර්මයකින් ද යත්;
භද්දියෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.
භද්දියෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්ය ශ්රාවකයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි.
සාදු! සාදු!! සාදු!!!
භද්දිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M