☰
මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ ආර්ය ශ්‍රාවකයා ආඪ්‍ය වූයේ, මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ යැයි කියනු ලැබේ. ඒ කවර සතර ධර්මයකින් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.
මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවකයා ආඪ්‍ය වූයේ, මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
අඩ්ඪ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M