සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.2.7. සංයෝජන සුත්තං

10.2.7. සංයෝජන ගැන වදාළ දෙසුම

මහණෙනි, ආනාපානසති සමාධිය දියුණු කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතියි.

මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය සංයෝජන ප්‍රහාණය පිණිස පවතියි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ….(පෙ)…. කෙලෙස් දුරින් ම දුරුකිරීම අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

මහණෙනි, මෙසේ භාවිත කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද, ආනාපානසති සමාධිය සංයෝජන ප්‍රහාණය පිණිස පවතියි.

සාදු! සාදු!! සාදු!!!

සංයෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M