සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.8.8. දුතිය කල්‍යාණමිත්ත සුත්තං

1.8.8. කල්‍යාණමිත්‍රයා ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදියි නම්, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි නම්, මහණෙනි, යම් බඳු මේ කල්‍යාණමිත්‍රයන් ඇති බව නම් වූ සම්පත්තිය වැනි අන් එක් ධර්මයක් වත් මම නොදකිමි.

මහණෙනි, කල්‍යාණමිත්‍රයන් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන්න කැමති විය යුතු ය.

මහණෙනි, කලණමිතුරන් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේ ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, කලණමිතුරන් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-8-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M