සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.6.9. දුතිය සීල සුත්තං

1.6.9. සීලය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් ම භික්ෂුවකට ආර්ය අෂ්ටාංගික මාර්ගය හටගැනීම පිණිස මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් සීල සම්පත් ඇති බව යි.

මහණෙනි, සීල සම්පන්න ව සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන්න කැමති විය යුතු ය. ….(පෙ)…. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M