සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.6.13. දුතිය අප්පමාද සුත්තං

1.6.13. අප්‍රමාදය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් ම භික්ෂුවකට ආර්ය අෂ්ටාංගික මාර්ගය හටගැනීම පිණිස මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අප්‍රමාද සම්පත්තිය ඇති බව යි. ….(පෙ)…. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-6-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M