සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.6.11. දුතිය අත්ත සුත්තං

1.6.11. සිත පිහිටුවීම ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් ම භික්ෂුවකට ආර්ය අෂ්ටාංගික මාර්ගය හටගැනීම පිණිස මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් දුකෙන් මිදීමට සිත පිහිටුවීම නම් වූ සම්පත්තිය යි. ….(පෙ)…. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-6-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M