මේ සියළු දෙසුමන් වදාරණ ලද්දේ සැවැත් නුවර දී ය …..
මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් ම භික්ෂුවකට ආර්ය අෂ්ටාංගික මාර්ගය හටගැනීම පිණිස මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් කල්‍යාණමිත්‍රයන් ඇති බව යි.
මහණෙනි, කල්‍යාණමිත්‍රයන් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන්න කැමති විය යුතු ය.
මහණෙනි, කලණමිතුරන් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේ ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. නිවැරදි සංකල්පනා දියුණු කරයි. ….(පෙ)…. නිවැරදි වචන භාවිතය දියුණු කරයි. ….(පෙ)…. නිවැරදි කායික ක්‍රියා දියුණු කරයි. ….(පෙ)…. නිවැරදි දිවිපෙවෙත දියුණු කරයි. ….(පෙ)…. නිවැරදි උත්සාහය දියුණු කරයි. ….(පෙ)…. නිවැරදි සිහිය දියුණු කරයි. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, කලණමිතුරන් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.
සාදු! සාදු!! සාදු!!!
කල්‍යාණමිත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M