මහණෙනි, ඉදින් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඔබෙන් මෙසේ අසත් නම්, ‘ආයුෂ්මත්නි, කුමක් සඳහා ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි බඹසර හැසිරෙනු ලැබෙයි ද?’ යි. මහණෙනි, මෙසේ අසන ලද ඔබ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිවදන් දෙව්.
‘ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිරෙන්නේ අප්‍රකට ව පවතින කෙලෙස් නැසීම පිණිස ය’ යනුවෙනි.
ඉදින් මහණෙනි, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඔබෙන් මෙසේ අසන්නාහු නම්, ‘ආයුෂ්මත්නි, අප්‍රකට ව පවතින කෙලෙස් නැසීම පිණිස මාර්ගයක් තිබේ ද? ප්‍රතිපදාවක් තිබේ ද?’ යි. මහණෙනි, මෙසේ විමසන ලද ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දෙව්.
‘ආයුෂ්මත්නි, අප්‍රකට ව පවතින කෙලෙස් ප්‍රහාණය නැසීම පිණිස මාර්ගයක් ඇත්තේ ය. ප්‍රතිපදාවක් ඇත්තේ ය’ යනුවෙනි.
මහණෙනි, අප්‍රකට ව පවතින කෙලෙස් ප්‍රහාණය පිණිස වූ මාර්ගය කුමක් ද? ප්‍රතිපදාව කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, අප්‍රකට ව පවතින කෙලෙස් නැසීම පිණිස වූ මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි. මහණෙනි, මෙසේ අසන ලද ඔබ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දෙව්.”
සාදු! සාදු!! සාදු!!!
අනුසය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M