සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.2.3. සේඛ සුත්තං

1.2.3. හික්මෙන ශ්‍රාවකයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසී ය.

“ස්වාමීනී, ‘සේඛ, සේඛ’ යැයි කියනු ලැබේ. ස්වාමීනි, සේඛ හෙවත් හික්මෙන කෙනෙක් වන්නේ කවර කරුණු මත ද?”

“භික්ෂුව, මෙසසුනෙහි භික්ෂුවක් නිවැරදි දෘෂ්ටියක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි කල්පනාවක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි වචන භාවිතයක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි කායික ක්‍රියාවක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි ජීවිකාවෙක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි වීර්යයක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි සිහියක හික්මෙන්නේ වෙයි ද, නිවැරදි සමාධියක හික්මෙන්නේ වෙයි ද භික්ෂුව මෙපමණකින් සේඛ නම් වේ.”

සාදු! සාදු!! සාදු!!!

සේඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M