☰
මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; කාමයන් සෙවීම ය. භවයන් සෙවීම ය. වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම ය. මහණෙනි, මේ වනාහී සෙවීම් තුන යි. මහණෙනි, මේ සෙවීම් තුන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව අමෘතයට බැස ගෙන, අමෘතය පිහිට කොට ගෙන, අමෘතය අවසානය කොට ගෙන නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. අමෘතයට බැස ගෙන, අමෘතය පිහිට කොට ගෙන, අමෘතය අවසානය කොට ගෙන නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සෙවීම් තුන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-15-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M