සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.15.13.-16. ඒසනා සූත්‍රයෝ

1.15.13.-16. සෙවීම් ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; කාමයන් සෙවීම ය. භවයන් සෙවීම ය. වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම ය. මහණෙනි, මේ වනාහී සෙවීම් තුන යි. මහණෙනි, මේ සෙවීම් තුන ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව, විරාගයෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතුව, විරාගයෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ සෙවීම් තුන ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

(විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස යනුවෙන් පැවසූ සූත්‍ර සෙයින් විස්තර කළ යුත්තේ ය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-15-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M