☰
මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට ද? කුමන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්රගුණ කරන විට ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවනට බර වී නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවනට බර වී නිවැරදි චිත්තේකාග්රතාවය දියුණු කරයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, මේ අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට ය. මේ අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්රගුණ කරන විට ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-12-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M