සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.10.7. සමුද්දනින්න සුත්තං

1.10.7. සමුද්‍රයට නැමී තිබීම ගැන වදාළ දෙසුම

මහණෙනි, ගංගා නදිය සමුද්‍රයට නැමී, සමුද්‍රයට නැඹුරු වී, සමුද්‍රයට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට ද? කුමන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන විට ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, මේ අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට ය. මේ අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන විට ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-10-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M