ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා චණ්ඩගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු චණ්ඩ ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. ස්වාමීනි, මෙහි ඇතැම් කෙනෙක් චණ්ඩ යැයි ගණන් ගැනීමකට යයි නම්, එයට හේතුව කුමක්ද? එයට ප්‍රත්‍යය කුමක්ද? ස්වාමීනි, මෙහි ඇතැම් කෙනෙක් මොළොක් යැයි ගණන් ගැනීමකට යයි නම්, එයට හේතුව කුමක්ද? එයට ප්‍රත්‍යය කුමක්ද?
පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙකුගේ රාගය ප්රහාණය වෙලා නෑ, රාගය අප්‍රහීණ නිසා අනෙක් උදවිය (ඔහුව) කෝප කරවනවා. අනුන් විසින් කෝප කරවද්දී (ඔහු) කෝපය පහළ කරනවා. එතකොට ඔහු චණ්ඩ කියන ගණයට අයත් වෙනවා. ද්වේෂය ප්රහාණය වෙලා නෑ, ද්වේෂය අප්‍රහීණ නිසා අනෙක් උදවිය (ඔහුව) කෝප කරවනවා. අනුන් විසින් කෝප කරවද්දී (ඔහු) කෝපය පහළ කරනවා. එතකොට ඔහු චණ්ඩ කියන ගණයට අයත් වෙනවා. මෝහය ප්රහාණය වෙලා නෑ, මෝහය අප්‍රහීණ නිසා අනෙක් උදවිය (ඔහුව) කෝප කරවනවා. අනුන් විසින් කෝප කරවද්දී (ඔහු) කෝපය පහළ කරනවා. එතකොට ඔහු චණ්ඩ කියන ගණයට අයත් වෙනවා. පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක් චණ්ඩ යැයි ගණන් ගැනීමකට යයි නම්, එයට හේතුව මේකයි. එයට ප්රත්යයත් මේකයි.
පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙකුගේ රාගය ප්රහාණය වෙලා තියෙන්නේ. රාගය ප්‍රහීණ නිසා අනෙක් උදවිය (ඔහුව) කෝප කරවන්නේ නෑ. අනුන් විසින් කෝප කරවන්නට හැදුවත් (ඔහු) කෝපය පහළ කරන්නේ නෑ. එතකොට ඔහු මොළොක් කියන ගණයට අයත් වෙනවා. ද්වේෂය ප්රහාණය වෙලා තියෙන්නේ. ද්වේෂය ප්‍රහීණ නිසා අනෙක් උදවිය (ඔහුව) කෝප කරවන්නේ නෑ. අනුන් විසින් කෝප කරවන්නට හැදුවත් (ඔහු) කෝපය පහළ කරන්නේ නෑ. එතකොට ඔහු මොළොක් කියන ගණයට අයත් වෙනවා. මෝහය ප්රහාණය වෙලා තියෙන්නේ. මෝහය ප්‍රහීණ නිසා අනෙක් උදවිය (ඔහුව) කෝප කරවන්නේ නෑ. අනුන් විසින් කෝප කරවන්නට හැදුවත් (ඔහු) කෝපය පහළ කරන්නේ නෑ. එතකොට ඔහු මොළොක් කියන ගණයට අයත් වෙනවා. පින්වත් ගාමණී, මෙහි ඇතැම් කෙනෙක් මොළොක් යැයි ගණන් ගැනීමකට යයි නම්, එයට හේතුව මේකයි. එයට ප්රත්යයත් මේකයි.
මෙසේ වදාළ විට චණ්ඩ ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්ෂු සංඝයාත් සරණ යනවා. ස්වාමීනි, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!
සාදු ! සාදු !! සාදු !!!
චණ්ඩගාමණී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M