එතකොට සක් දෙවිඳු හයසියයක් දෙවියන් සමඟ ….(පෙ)…. එතකොට සක් දෙවිඳු හත්සියයක් දෙවියන් සමඟ ….(පෙ)…. එතකොට සක් දෙවිඳු අටසියයක් දෙවියන් සමඟ ….(පෙ)…. එතකොට සක් දෙවිඳු අසූදාහක් දෙවියන් සමඟ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් සක් දෙවිඳු හට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙකරුණ වදාළා.
පින්වත් දෙවිඳුනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම ඉතා යහපත් දෙයක්. පින්වත් දෙවිඳුනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා. පින්වත් දෙවිඳුනි, ඒ අය අනෙක් දෙවිවරුන්ව කරුණු දහයකින් අබිබවා යනවා. දිව්‍ය ආයුෂයෙන්, ….(පෙ)…. දිව්‍ය ස්පර්ශයෙන් කියන මේ දහයෙනුයි. පින්වත් දෙවිඳුනි, ශ්‍රී සද්ධර්මය සරණ යෑම ඉතා යහපත් දෙයක් ….(පෙ)…. පින්වත් දෙවිඳුනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම ඉතා යහපත් දෙයක්. පින්වත් දෙවිඳුනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා. පින්වත් දෙවිඳුනි, ඒ අය අනෙක් දෙවිවරුන්ව කරුණු දහයකින් අබිබවා යනවා. දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය කීර්තියෙන්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය රූපයෙන්, දිව්‍ය ශබ්දයෙන්, දිව්‍ය ගන්ධයෙන්, දිව්‍ය රසයෙන්, දිව්‍ය ස්පර්ශයෙන් කියන මේ දහයෙනුයි.
පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම ඉතා යහපත් දෙයක් ම යි ….(පෙ)…. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ශ්‍රී සද්ධර්මය සරණ යෑම ඉතා යහපත් දෙයක් ම යි ….(පෙ)…. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම ඉතා යහපත් දෙයක් ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඒ අය අනෙක් දෙවිවරුන්ව කරුණු දහයකින් අබිබවා යනවා. දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය කීර්තියෙන්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය රූපයෙන්, දිව්‍ය ශබ්දයෙන්, දිව්‍ය ගන්ධයෙන්, දිව්‍ය රසයෙන්, දිව්‍ය ස්පර්ශයෙන් කියන මේ දහයෙනුයි.
සාදු ! සාදු !! සාදු !!!
ඡට්ඨ සක්ක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M