“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ශාසනයෙහි දුෂ්කර දේ මොකක්ද?” “ආයුෂ්මත, මේ ශාසනයෙහි පැවිද්ද යනු දුෂ්කර දෙයක්.” “ප්‍රිය ආයුෂ්මතුනි, පැවිදි වූ කෙනෙකුට ඇති දුෂ්කර දේ මොකක්ද?” “ආයුෂ්මත, පැවිදි වූ කෙනෙකුට ඇති දුෂ්කර දේ නම්, ශාසන බ්‍රහ්මචරියාවට ඇලී සිටීමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ශාසන බ්‍රහ්මචරියාවෙහි ඇලී සිටින කෙනෙකුට ඇති දුෂ්කර දේ මොකක්ද?” “ආයුෂ්මත, ශාසන බ්‍රහ්මචරියාවෙහි ඇලී සිටින කෙනෙකුට ඇති දුෂ්කර දේ නම්, ධම්මානුධම්ම පටිපදාවයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන භික්ෂුව කොපමණ කලකින් අරහත්වයට පත්වේවිද?” “ආයුෂ්මත, එච්චර කලක් යන්නේ නෑ.”
සාදු ! සාදු !! සාදු !!!
දුක්කර සූත්‍රය නිමා විය.
ජම්බුඛාදක සංයුත්තය සමාප්තයි.
එහි පිළිවෙළ උද්දානය යි.
නිබ්බාන සූත්‍රය, අරහත්ත සූත්‍රය, ධම්මවාදී සූත්‍රය, කිමත්ථිය සූත්‍රය, අස්සාස සූත්‍රය, පරමස්සාස සූත්‍රය, වේදනා සූත්‍රය, ආසව සූත්‍රය, අවිජ්ජා සූත්‍රය, තණ්හා සූත්‍රය, ඕඝ සූත්‍රය, උපාදාන සූත්‍රය, භව සූත්‍රය, දුක්ඛ සූත්‍රය, සක්කාය සූත්‍රය, දුක්කර සූත්‍රය වශයෙන් මෙම වර්ගයෙහි සූත්‍ර දහසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M