☰
පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය. පින්වත් මහණෙනි, මේ බල පහෙන් සමන්විත ස්ත්‍රිය විශාරද තැනැත්තියක් වශයෙන් ගෙදර වාසය කරනවා.
සාදු ! සාදු !! සාදු !!!
විසාරද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M