සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.2.11. පඤ්චසීල සුත්තං

3.2.11. පන්සිල් රකින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? සතුන් මැරීමෙන් වෙන් වී සිටිනවා. සොරකම් කිරීමෙන් වෙන් වී සිටිනවා. වැරදිකාම සේවනයේ යෙදීමෙන් වෙන් වී සිටිනවා. බොරු කීමෙන් වෙන් වී සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වෙන් වී සිටිනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.

සාදු ! සාදු !! සාදු !!!

පඤ්චසීල සූත්‍රය නිමා විය.

දෙවන අනුරුද්ධ වර්ගය යි

එහි පිළිවෙළ උද්දානය යි.

අනුරුද්ධ සූත්‍රය, අක්කෝධන සූත්‍රය, අනුපනාහී සූත්‍රය, අනිස්සුකී සූත්‍රය, අමච්ඡරී සූත්‍රය, අනතිචාරී සූත්‍රය, සීලවන්ත සූත්‍රය, බහුස්සුත සූත්‍රය, ආරද්ධවිරිය සූත්‍රය, උපට්ඨිතසති සූත්‍රය, පඤ්චසීල සූත්‍රය යන යහපත් කොටසෙහි සූත්‍ර එකොළහක් පවසන ලදී.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M